Connect with us

පුවත්

පෞද්. බස් දුම් පරීක්ෂාවෙන් ඉවත් වෙනවා – ගැමුණු

Published

on

ලබන වසරේ ජනවාරි මාසයේ සිට සියලු පෞද්ගලික බස් රථ දුම් පරීක්ෂාව සිදුකිරීමෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මේ බව සඳහන් කළේය.

දුම් පරීක්ෂාව සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් නොමැති පසුබිමක මෙම තීරණය ගෙන ඇති බව කී ගැමුණු විජේරත්න මහතා ඒ සම්බන්ධයෙන් මෙම සතියේ දී ප්‍රවාහන බලධාරීන් ලිඛිතව දැනුවත් කිරිමට පියවර ගන්නා බවද සඳහන් කළේය.

ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

“බරපතළ අර්බුදයක් තියෙනවා, මේ දුම් පරීක්ෂාව පිළිබඳව විශේෂයෙන්ම දැන් ඒ නිසා අපි සංගමයක් විදිය‌ට තීරණයක් අරන් තියෙනවා. මේ දුම් පරීක්ෂාව ජනවාරී මාසයේ සිට අපි අත්අරින්න කටයුතු කරනවා. මොකද දුම් පරීක්ෂාව කියන එක ප්‍රායෝගික නෑ. විශේෂයෙන් අපි දිගින් දිගටම කිව්වා, එකක් තියෙනවා ඉන්ධනවල ප්‍රමිතිය, ඩීසල්වල ප්‍රමිතිය බරපතළ අර්බුදයක තියෙන්නේ. ලොකුවට කතාබහ කරනවා මේ පරිසරය ආරක්ෂා කරන්න ඕනේ, පරිසරය සුරක්ෂිත කරන්න ඕනේ කියලා. මේ ලබාදෙන ඩීසල්වල ප්‍රමිතිය පිළිබඳවත් බරපතළ ගැටලුවක් තියෙනවා. අනිත් කාරණාව තමයි මේ ලංගමට දුම් පරීක්සාවක් නෑ. රජයේ වාහනවලට දුම් පරීක්ෂාව නෑ. එතකොට පෞද්ගලික බස් රථත් එකම ගාස්තුවට ධාවනය කරන්නේ, එකම සේවය කරන්නේ. නීතිය දෙයාකාරයකින් සලකන්න කාටවත් හැකියාවක් නෑ. ඒ් නිසා අපි එළැඹෙන සතියේ ලිඛිත දැනුම්දීමක් කරනවා ප්‍රවාහන අමාත්‍යාංශයට අපි ජනවාරි මාසයේ සිට දුම් පරීක්ෂාවෙන් අපේ බස් රථ ඉවත් කරන්න කටයුතු කරන්න.”

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved