පුවත්

බයිඩන්ගේ ආරාධනය පිළිඅරගෙන මෝදි අමෙරිකා යන දිනේ!

Published

on

අමෙරිකාවේ සංචාරයකට පැමිණෙන්නැයි ජනාධිපති ජෝ බයිඩන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ආරාධනා කර ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

දෙරටේම බලධාරීන් මෙම හමුව පිළිගෙන ඇති අතර ඒ සඳහා දිනයක් වෙන්කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇති බවද පැවසේ.

මේ වසරේ G 20 සමුළුව ඇතුළු ගෝලීය මට්ටමේ කාර්යයන් බොහෝමයක ප්‍රධානත්වය දැරීමට ඉන්දියාව සූදානමින් සිටි.

දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, එවැනි පසුබිමක් තුළ අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ආරාධනය සුවිශේෂී බවයි.

Trending

Exit mobile version