ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර ඇති බවට ලාල් කාන්ත ඇමතිවරයා පැවසුවද අවසානයේ හාල් මෝල් හිමියන් කැඳවා ජනාධිපතිවරයා මේසෙට ද ගසා රු. 10ක් හාල් මෝල් හිමියන්ට වැඩිකර දුන් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
ඔහු මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (25) අයවැය විවාදයට එක්වෙමිනි.
අවසානයේ ඩඩ්ලි නිහඬයි, ගොවියා හඩන තැනට පත්ව තිබෙන බව මන්ත්‍රීවරයා සඳහන් කරන්නේය.
මේ වන විට ආර්ථිකය නව දිශානතියකට ගෙන විත් ඇති බවට අගමැතිතුමිය පැවසුවද මහ බැංකු අධිපතිවරයා පසුගිය දිනෙක පවසා තිබුණේ ආර්ථික දිශානතියේ වෙනසක් සිදුව නොමැති බව යැයි ද මන්ත්‍රීවරයා පවසයි.
කෙසේවෙතත් 77න් පසු ආර්ථික මොඩලය ලෙස පවතින වෙළෙඳපොළ ආර්ථිකයෙන් පිට පැනිය නොහැකි බවයි රහුමාන් මහතා අවධාරණය කලේය.