දැනටමත් 50%කට වැඩි බදු මගින් භාණ්ඩාගාරයට සහ ආර්ථිකයට දායක වන බැංකු පද්ධතිය මත තවදුරටත් බරක් පැටවීමට කටයුතු නොකරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
මිලියන 5ක තැන්පත්කරුවන් ආරක්ෂා කරන බවට සහතික වන බවද අද (29) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
දැනටමත් රැස්කර ඇති EPF අරමුදල්වලට අත නොතබන බවට සහතික වූ මහබැංකු අධිපතිවරයා අතර EPF සඳහා අවම වශයෙන් 9% පොලියක් සහතික කරන බව කීය.