පුවත්

බැසිල් ලන්සාට හමුවෙන්න දිනයක් ලබාදෙයි!

Published

on

ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ නායක නිමල් ලන්සා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ (පොහොට්ටු පක්ෂය) බැසිල් රාජපක්ෂ මහතා හමුවීමට ඉල්ලීම් ගණනාවක් කළ ද එයට බැසිල් මහතාගේ පාර්ශවයෙන් යහපත් ප්‍රතිචාර නොලැබීම නිසා මේ හමුව සිය නිවසේ පැවැත්වීමට වජිර අබේවර්ධන මහතා මැදිහත් වී ඇතැයි වාර්තා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත‍ාගේ උපදෙස් පරිදි ලන්සා මහතා බැසිල් මහතා හමුවීමට මෙසේ ඉල්ලීම් කර තිබිණි.

ඒ අතර මෙම සාකච්ඡාවට පෙර පසුගිය සතියේ නිමල් ලන්සා සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් දීර්ඝ දුරකථන සාකච්ඡාවක්ද පවත්වා ඇති බවද පැවසේ. 

පැයක පමණ කාලයක් දෙදෙනා දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතත් බැසිල් මහතා ඔහුට හමුවීමට වේලාවක් ලබාදී නොමැති බව පැවසේ.

සබැඳි පුවත්:

ලන්සාට වහාම බැසිල් හමුවන්නැයි ජනපති කියලා

ලන්සාට අමුත්තා නිසා ජනපතිගේ රෑ කෑමත් එපා වෙයි

දෙක එක කරන ලන්සා‍ගේ පිල

Trending

Exit mobile version