Connect with us

පුවත්

බෑංකී මූන් මහතා කථානායකවරයා හමුවෙයි

Published

on

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම්, ගෝලීය හරිත සංවර්ධන ආයතනයේ (Global Green Growth Institute (GGGI) ) වත්මන් සභාපති බෑන් කී මූන් මහතා ඊයේ (07) කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

පාර්ලිමේන්තුවට පැමිණි බෑන් කී මූන් මහතාව පිළිගනු ලැබුවේ නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් විසිනි.

ගෝලීය හරිත සංවර්ධන ආයතනයේ (GGGI) සභාපතිවරයා ලෙස බෑන් කී මූන් මහතා මෙහිදී හරිත සංවර්ධනය, තිරසාර සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කළ අතර කාබන් අවම තිරසාර සංවර්ධනයක් සහිත ආර්ථිකයක් ගොඩ නැංවීම සඳහා නව්‍ය හවුල්කාරිත්වයක අවශ්‍යතාවය පෙන්වා දුන්නේය.

දේශපාලනය තුළ ප්‍රතිපත්ති සකස් කිරීමේදී හරිත සංවර්ධන ආකෘතියක් අනුගමනය කිරීමත් ඒ සදහා සඳහා අවශ්‍ය හඩ පාර්ලිමේන්තුව තුළින්ම නැඟිය යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම විෂයට අදාළ නිලධාරීන් අතර පුළුල් දැනුවත්භාවයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය පෙන්වාදුන් කථානායකවරයා එම ඉලක්කයන් සපුරා ගැනීම සඳහා තම පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික විය.

පැවති සුහද සාකච්ඡාවෙන් අනතුරුව බෑන් කී මූන් මහතා, ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති වූන්ජින් ජියොන්ග් මහතා සහ GGGI අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෆ්‍රෑන්ක් රිජ්ස්බර්මන් මහතා ඇතුළු දූත පිරිස පාර්ලිමේන්තු සභා ගර්භයේ සංචාරයක ද නිරත විය.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ, පරිසර අමාත්‍ය ගරු නසීර් අහමඩ්, ජනාධිපති ප්‍රධාන උපදේශක දිනේෂ් වීරක්කොඩි, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved