පුවත්

බිත්තර තොග මිල  අඩු වෙයි

Published

on

සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය විසින් අද (23) දිනට අදාළ තොග මිල ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව රතු බිත්තරයක තොග මිල වන්නේ රුපියල් 29.00ක්. සුදු බිත්තරයක තොග මිල රුපියල් 28ක් බව එම සංගමය සඳහන් කළේය.

මෙම මිල සඳහා තම සංගමයේ පූර්ණ නෛතික වගකීමක් ඇති බවට ද ඔවුන් අවධාරණය කරයි.

මේ අතර උත්සව සමයේ කුකුළු මස් හා බිත්තර හිඟයක් ඇති නොවන බවයි සමස්ත ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා කියාසිටියේය.

ශීතකල කුකුල් මස් කිලෝග්‍රෑමයක් රුපියල් දහසට අඩුවෙන් මිලදී ගත හැකිය.

බිත්තරයක් රුපියල් 31ත්, 33ත් අතර මිලක පවතින බව ද සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

Trending

Exit mobile version