පුවත් බිම්බෝම්බ ඉවත් කිරීම සිදුකරන දේශීය NGO වලට ජපන් තානාපතිගේ ප්‍රශංසාව Published 2 years ago on May 12, 2023 By editor සමාජ සහජීවනය සඳහා වන ඩෙල්වොන් ආයතනය, Delvon හෙවත් ඩෑෂ් (DASH) හි අධ්‍යක්ෂක / වැඩසටහන් කළමනාකරු ආනන්ද චන්ද්‍රසිරි මහතා සහ ස්කැවිටා (Skavita) මානුෂීය සහය සහ සහන ව්‍යාපෘතිය, හෙවත් ශාප් (SHARP) හි අධ්‍යක්ෂක /වැඩසටහන් කළමනාකාර සරත් ජයවර්ධන මහතා වෙත ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අති ගරැ මිසුකොෂි හිදයකි මැතිතුමා විසින් 2023 මැයි 12දා තානාපති නිල නිවසේදී තානාපති තුමන්ගේ ප්‍රශංසාව පිරිනැමිණි. ඩෑෂ් (DASH) සහ ශාප් (SHARP) යනු ජපන් රජය විසින් බිම් මට්ටමේ මානව ආරක්ෂණ ව්‍යාපෘති (GGP) හරහා ආධාර ප්‍රදාන හෙවත් අරමුදල් සපයන,උතුරු සහ නැගෙනහිර පළාත්වල ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශවල මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටින දේශීය රාජ්‍ය නොවන සංවිධාන වේ. චන්ද්‍රසිරි මහතා සහ ජයවර්ධන මහතා ජපානය සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් මගින් පමණක් නොව යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශයන්හී වාර්ගික කණ්ඩායම් අතර සාමය සහ සමගිය තහවුරැ කිරීම සඳහා විවිධ ක්‍රියාකාරකම් තුළින් ස්ථාවරත්වය ඇති කිරීමටත් නැවත පදිංචි කිරීම් සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමටත් විශාල දායකත්වයක් දක්වා ඇත. Related Topics:JapanlkaSriLanka Trending කැබිනට් තීරණ5 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්7 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්20 hours ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!