බීඩි නිෂ්පාදකයෙකුට පහරදී අල්ලස් ලබාගැනීමට උත්සාහ ගැනීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පියවර ගෙන තිබේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ලබා දුන් උපදෙස් පරිදි මෙම පියවර ගෙන ඇත.
එහිදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ අදාළ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව සොයා බලා තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසටය.
සබැඳි පුවත් :
බීඩි ව්‍යාපාරිකයා පැහැරගත් සුරාබදු නිලධාරීන් ලක්ෂ 10ක් බලෙන් අරං