Connect with us

පුවත්

බූරු කිරිවලින් චීස් හදන්න යයි!

Published

on

බූරු කිරිවලින් චීස් ඇතුළු පෝෂ්‍යදායි ආහාර හා චර්ම රෝග සඳහා ඖෂධ නිපදවීමට ඇති හැකියාව සොයා බැලීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය, විද්‍යා පීඨය හා වෛද්‍ය පීඨය එක්ව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මේ පර්යේෂණ සඳහා භාජනය කිරීමට මන්නාරමේ සිට බූරු පිරිමි සතුන් තිදෙනකු, ගැහැනු සතුන් තිදෙනකු හා බූරු පැටවකු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට රැගෙන ආ බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වෛද්‍ය අශෝක දංගොල්ල මහතා මාධ්‍යට පවසා ඇත.

තම රූසපුව වැඩිදියුණු කර ගැනීම සඳහා ක්ලියෝපැට්රා වැනි රූමතියන් බූරු කිරි පාවිච්චි කළ බවට ඉතිහාසයේ සඳහන් වන බවත් ඒ කිරි ආශ්‍රයෙන් ආලේපන සකස් කිරීමේ හැකියාව සම්බන්ධව වෛද්‍ය පීඨය සම්බන්ධ කර ගනිමින් පරීක්ෂණ කිරීමට සැලසුම් කර තිබෙන බවද දංගොල්ල මහතා පැවසීය. 

බූරු කිරිවල පෝෂණ ගුණය බොහෝ දුරට මවු කිරිවලට සමාන බවත් ඒවා උපයෝගි කර ගනිමින් සකස් කරන චීස්වලට ලෝකයේ ඉහළ ඉල්ලුමක් පවතින බවත් කී ඒ මහතා පර්යේෂණ සාර්ථක වී නිෂ්පාදනය කිරීමට හැකි වුවහොත් ඒවා අපනයනයෙන් විදේශ විනිමය උපයා ගැනීමේ හැකියාව පවතින බවද අවධාරණය කළේය.

පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට රැගෙන ආ හොඳින් වැඩුණු බූරුවකු දිනකට තණකොළ කිලෝග්‍රෑම් 5ක් පමණ ආහාරයට ගන්නා බවත් ඔවුන්ගෙන් දෛනිකව ලබා ගත හැකි කිරි ප්‍රමාණය එළදෙනකුගෙන් ලබාගත හැකි කිරි ප්‍රමාණය හා සැසඳීමේදී ඉතා අඩු බවත් මහාචාර්යවරයා පැවසීය.

පුත්තලම හා මන්නාරම කේන්ද්‍ර කර ගනිමින් බහුලව දක්නට ලැබෙන මේ සත්ත්ව විශේෂය මේ වන විට වනජීවී දෙපාර්තමේන්තු භාරකාරත්වයෙන්ද ඉවත් කර තිබෙන බවත් අයාලේ යන්න ඉඩ හැර සිටින බූරුවන් අනතුරුවලට ලක්ව මියයන අවස්ථා බහුලව වාර්තා වන බවත් දංගොල්ල මහතා ප්‍රකාශ කළේය.

බූරුවන්ගේ ආයු කාලය, ගැබ් කාලය, පැටවුන් බිහි කිරීමෙන් පසු කිරි ලබා ගැනීමට හැකි සක්‍රිය කාලය හඳුනා ගැනීම සඳහා වන පරීක්ෂණ පශු වෛද්‍ය පීඨයේ මූලිකත්වයෙන් අඛණ්ඩව සිදු කරන බවද මහාචාර්යවරයා පැවසීය.

කල්පිටි බූරුවන් වසර සිය ගණනක ඉතිහාසයක් ඇති සත්ත්ව කොට්ඨාසයක් වන අතර භාණ්ඩ සහ පුත්තලමේ ලුණු ප්‍රවාහනයට ශ්‍රී ලංකාවට රැගෙන ආ බූරුවෝ පසුකලෙක කල්පිටි බූරුවෝ බවට පත්ව තිබේ.

බුරු කිරි ආශ්‍රිත කරගෙන නිෂ්පාදන කිරීමට පර්යේෂණ කරන මේ අවස්ථාවේ මේ කල්පිටි බූරුවන් සංරක්ෂණය සඳහා ද නිශ්චිත වැඩපිළිවෙළක අවශ්‍යතාව පවතින බව සත්ව හා පරිසර සංවිධානවල මතය වේ. 

ප්‍රදේශයේ කෘෂි ව්‍යාපාරිකයකු වූ එරඹුකුඩැල්ලේ පදිංචි රොෂාන් ප්‍රියලාල් සිල්වා මහතා මාධ්‍යට අදහස් දක්වමින්, බූරුවන් මේ වන විට පොල් වතුවල බැඳ තබා පොල් කුරුමිණියන් පලවා හැරීමට භාවිත කරන බවද කීය.

සංරක්ෂණයට යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවුණොත් තව වසර ගණනකින් බූරුවන් නැත්තටම නැතිව යන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය. 

මේ සම්බන්ධයෙන් කල්පිටිය වන අඩවි ආරක්ෂක උපාලි කුමාරතුංග මහතා කියා සිටින්නේ සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 11 වගන්තිය (අ) අනුව බූරුවා ගෘහාශ්‍රිත සත්ත්වයකු ලෙස නම් කර ඇති බවත් ඒ නිසා එම පනත බූරුවන්ට අදාළ නොවන බවයි.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved