Connect with us

පුවත්

බූස්ස බන්ධනාගාරයේ සහකාර අධිකාරීට තර්ජනය කරයි

Published

on

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයා එහි සේවය කරන අතරතුරදි ඔහුගේ කටුනායක නිවසට පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු තර්ජනය කළ බවට පැවසෙන සිදුවිමක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙන බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බි.දිසානායක මහතා පවසයි.

පුද්ගලයන් දෙදෙනෙක් ඊයේ (11) පස්වරු 5.00 ට පමණ යතුරු පැදියකින් පැමිණ නිවසේ රැදි සිටි අධිකාරිවරයාගේ පියාට ඩුබායි රටේ සිටින හීනටියන සංඛ නැමැත්තාගෙන් යැයි පවසා දුරකථන ඇමතුමක් සම්බන්ධ කර දී ඇත.

දිසානායක මහතා පවසා සිටියේ සහකාර අධිකාරිවරයා බූස්ස බන්ධනාගාරයේ කරන සෝදිසි කටයුතු නවතා දමන ලෙසට එම පුද්ගලයා විසින් තර්ජනය කර ඇති බවය.

බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ තිබී දුරකථන කිහිපයක් පසුගියදා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බන්ධනාගාරයේ රදවා සිටින පාතාල කල්ලි සාමාජිකයකුද අධිකාරිවරයාගෙන් විමසීම් කර ඇති බවත් මෙම සිද්ධිය පිළිබදව පොලිසියට පැමිණිලි කර විමර්ෂණ කටයුතු ක්‍රියාත්මක බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved