වෛද්‍ය සැපයීම් අංශය විසින් මේවන විට බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති අභ්‍යන්තර අක්ෂිකාච තොගයේ ටෙන්ඩරය ප්‍රධානය කිරීමට අත්සන් කර ඇති තිදෙනාගෙන් අයෙක් ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නකු බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා මෙසේ මේවන විට අදාළ ටෙන්ඩරය සඳහා අත්සන් කර ඇති තිදෙනාගෙන් අයකු වන අතර ඔහු මේවන විට ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.
එම ටෙන්ඩර් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්‍තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වත්මන් සභාපති උපුල් අජිත් මෙන්ඩිස් මහතාය, එහි අනේක් සාමාජිකයා වන්නේ ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ වික්‍රමසිංහ මහතා ය.
පීටීසී හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමට (P.T.C Holdings (Private) Limited) ප්‍රධානය කර ඇති මෙම අභ්‍යන්තර අක්ෂි කාච ටෙන්ඩරය ලබා ගැනීමේදී ඉදිරිපත් කර ඇති පිරිවිතරයන් (specifications) හා සාම්පල සැපයුම්කරු සපයා ඇති අභ්‍යනතර අක්ෂිකාච (Intra Occular Lense) නොගැලපීම හේතුවෙන් ඒවා බාර ගැනීම වෛද්‍ය සැපයීම් අංශය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඉන්දීය සමාගමක් වන ඔමිනි ලෙන්ස් පුද්ගලික සමාගම (OMINI LENS (PVT) LTD) විසින් නිෂ්පාදනය කර පීටීසී හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම (P.T.C Holdings (Private) Limited) විසින් වෛද්‍ය සැපයීම් අංශයට සපයන ලද අදාළ අභ්‍යනතර අක්ෂිකාච වල දෘෂ්ටි විෂ්කම්භය ඇතුළු කාරණා හයක (1.) Optic diameter, 2)Overall diameter , 3.) Haptic angulation, 4.) Insertion size, 5.) UVblocking filtration, 6.) Capsular bagplacementand Yag laser compatible) අඩුපාඩු ඇති බව වෛද්‍ය සැපයුම් අංශය විසින් පෙන්වා දී තිබේ.
කෙසේවුවද, අභ්‍යනතර අක්ෂිකාච හිඟයක් පෙන්වමින් අදාළ අක්ෂිකාච තොගය යලි පරීක්ෂණයක් කරන ලෙස වෛද්‍ය සැපයීම් අංශය ඖෂධ නීතිගත සංස්ථාවට ලිඛිත දැනුම් දීමක් මේන විට සිදු කර තිබේ.
මේ අතර, අදාළ ටෙන්ඩරය පිරි නැමීමේදී ද ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව ලංසු ඇපකරයන් ඉදිරිපත් නොකිරීම ප්‍රධාන ව්‍යතිරේකයක් ලෙස පෙන්වා දෙමින් ඇඩ්වටෙක් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම (Advitect International (Pvt) Ltd) ටෙන්ඩරය ලබාදීම ප්‍රතික්ෂේප කළ ප්‍රසම්පාදන කමිටුව සාම්පල නිසි පරිදි ඉදිරිපත් නොකළ පීටීසී හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම (P.T.C Holdings (Private) Limited) වෙත ඩෙන්ඩරය ලබාදීම ද ගැටලුකාරී බව වෛද්‍ය සැපයුම් අංශ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
එසේම, මීට පෙර අභ්‍යන්තර අක්ෂිකාච ලබා නොගත් අදාළ සැපයුම්කරුට අක්ෂිකාච 80,000 ක ටෙන්ඩරයක් ලබාදීම ද විශේෂිතය.
පීටීසී හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමේ (P.T.C Holdings (Private) Limited) අධ්‍යක්ෂවරුන් ලෙස ඔවුන්ගේ සමාගම් වෙබ් අඩවියේ ගිහාන් බෙනරගම, ගිම්හානා වික්‍රමසුරේන්ද්‍ර හා ජාලිය වික්‍රමසුරේන්ද්‍ර යන මහත්ම මහත්මියන්ගේ නම් ඇතුළත් කර තිබේ.
ගිහාන්, විලවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතාගේ පුත්‍රයාය.
සමස්ථ අක්ෂිකාච තොගයේ වටිනාකම රුපියල් කෝටි 90කට ආසන්න බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වන අතර මේ සම්බන්ධ තවත් තොරතුරු අපි ඉදිරියේදී පළකරනු ලැබේ.
සබැඳි පුවත්
ප්‍රමිතියෙන් තොර කාච ගෙන්වූ කොම්පැනියට තවත් කාච හැත්තෑදාහක් ගේන්න ටෙන්ඩර දීලා
ප්‍රමිතියක් නැති අක්ෂි කාච ගෙන්නුවේ බෙනරගමගේ පුතාගේ කොම්පැණියෙන්!