පුවත්

බෙහෙත් සැපයීමට 40%ක ඇඩ්වාන්ස් ඉල්ලයි; ඉන්දීය ණයත් බාල්දුවෙයි

Published

on

ඖෂධ සැපයීම සඳහා සියයට හතළිහක අත්තිකාරම් මුදලක් අවශ්‍ය බව සැපයුම්කරුවෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

එසේම ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ ඖෂධ ආනයනය කිරීම ද බොහෝ සැපයුම්කරුවන් ප්‍රතික්ෂේප කර ඇති බව පැවසේ.

ඒ ගෙවීමට ඇති හිඟ මුදල් භාණ්ඩාගාර බිල්පතිවලින් පියවීමට අමාත්‍යාංශය කර තිබෙන යෝජනාව  නිසා බවද වාර්තා වේ.  

එලෙස හිඟ මුදල් ගැනීමට සැපයුම්කරුවන් ප්‍රතික්ෂේප කර ඇති බවද පැවසේ. 

ඖෂධ ඇණවුම් භාර ගෙන සිටින නමුත් එම අත්තිකාරම් මුදල් ලැබෙන තෙක් ඖෂධ නොසැපයීමට ද සැපයුම්කරුවන් තීරණය කර ඇති බව වාර්තා වේ.

මීට හේතු වී ඇත්තේ සපයන ලද ඖෂධ වෙනුවෙන් රුපියල් කෝටි පන්දහසක පමණ මුදලක් ගෙවීම වසර එකහමාරක පමණ කාලයක් තිස්සේ පැහැර හරිමින් තිබීමය. 

මේ නිසා තවදුරටත් ස්‍යෙඛ්‍ය අමාත්‍යාංශය කෙරෙහි විශ්වාසයක් තබා ගත නොහැකි බව සැපයුම්කරුවෝ පවසති. 

භාර ගෙන ඇති ඖෂධ ඇණවුම් අනුව මාර්තු මාසය වන විට ඖෂධ ලැබෙන බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරන නමුත් එය තීරණය කෙරෙන්නේ අත්තිකාරම් මුදල් මත බව ද ඔවුහු සඳහන් කරති.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version