Connect with us

පුවත්

බේරේ බෝට්ටු පැද්ද අය සල්ලිත් බෙරෙට දාලා!

Published

on

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කොළඹ බේරේ වැවේ ක්‍රියාත්මක කළ බෝට්ටු සේවාවෙන් 2019 වර්ෂයේදී පාඩු ලබා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් සංස්ථාව දැරූ මුදල රුපියල් කෝටි හතරකට වැඩිය.

රුපියල් කෝටියකට වැඩි වටිනා නව බෝට්ටුවක්ද මෙම ව්‍යාපෘතිය සඳහා යොදවාගෙන තිබූ බව එම වාර්තාවේ සඳහන් වේ.

නිසි ශක්‍යතා අධ්‍යයනයකින් තොරව සංස්ථාව මෙම බෝට්ටු සේවාව ආරම්භ කර තිබූ බව විගණන අංශ පවසයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ 2019 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

මූලාශ්‍රය – ලංකාදීප

Continue Reading

පුවත්

මාධ්‍යවේදීන් නොවන අයටත් Media ID දීලා

Published

on

By

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහාද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මාධ්‍ය වෘත්තීය සමිති සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ, මින් ඉදිරියට එවන් වැරදි සිදු නොවීමට දැඩි තීරණයක් ගෙන තිබෙන බවය.

ජනමාධ්‍ය හැඳුනුම්පත ලබා දීමට පෙර නියාමනයක් සිදු කර නිකුත් කිරීම් කරන ලෙසට එම නියෝජිතයින් අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සදහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් අංග සම්පූණ අධ්‍යයන පාඨමාලාවන් ආරම්භ කිරීමට කටයුතු කරන බවද නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Continue Reading

පුවත්

මර්වින් ඇතුළු පිරිස යළි රක්ෂිත බන්ධනාගාරයට

Published

on

By

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සිව් දෙනෙකු එළැඹෙන 05 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔවුන් මහර මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග කිරීමෙන් අනතුරුවය.

කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩු සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

කෙසේ වෙතත් මෙම සිද්ධියට අදාළ හිටපු අමාත්‍යවරයයෙකු වූ ප්‍රසන්න රණවීර මහතා තවමත් අත්අඩංගුවට ගැනීමට හැකි නොමැත.

ඒ අනුව හිටපු අමාත්‍යවරයාද අත්අඩංගුවට ගෙන එළැඹෙන 05 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහර මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලදී.

Continue Reading

පුවත්

පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම ගැන ජනපති හා විපක්ෂනායක ශෝක පණිවුඩ එක්කරයි

Published

on

By

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ශෝකය පළ කර තිබේ.

සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් උන්වහන්සේගේ අභාවය පිළිබඳව තමාගේ හෘදයාංගම ශෝකය පළ කරන බවය.

සාමය, දයානුකම්පාව සහ මනුෂ්‍යත්වය සඳහා උන්වහන්සේගේ නොසැලෙන කැපවීම ලෝකය මත නොමැකෙන සලකුණක් තබා ඇති බව ද ජනාධිපතිවරයා තැබූ X සටහනේ වැඩිදුරටත් සඳහන් ය.

උන්වහන්සේගේ දයානුකම්පාව, යුක්තිය සහ අන්තර් ආගමික සහජීවනය පිළිබඳ උරුමය ඉදිරි පරම්පරාවන්ට ආදර්ශයක් ලබා දෙනු ඇති බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තවදුරටත් පෙන්වා දී ඇත.

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සිය ශෝකය පළ කර තිබේ.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ, පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම යහපත් ලොවක පැවැත්ම අපේක්ෂා කරනුන්ට බලවත් පාඩුවක් බවය.

විපක්ෂ නායකවරයාගේ සම්පූර්ණ ශෝක පණිවුඩය පහතින්

– උපුටා ගැනීම – 

“ක්‍රිස්තුස් වහන්සේ සිය අනුගාමිකයින්ට පෙන්වූයේ නපුර පිටු දකින්නටත් සියලු යහපත සඳහා ක්‍රියා කරන්නටත්ය. අති උතුම් ෆැන්සිස් පාප් වහන්සේ කිතු සමිඳුන් පෙන්වා දුන් මඟ මැනවින් හඳුනා ගනිමින් කතෝලික සභාවට ලබාදුන් නායකත්වය කතෝලික ප්‍රජාවට පමණක් නොව ලෝකවාසී සියලු ජනතාවට පරමාදර්ශයක් විය. උන්වහන්සේගේ ස්වර්ගස්ථ වීම යහපත් ලොවක පැවැත්ම අපේක්ෂා කරනුන්ට බලවත් පාඩුවකි. උන්වහන්සේගේ සරල ජීවිතය පෙන්නූ මඟ මැනවින් හඳුනා ගැනීම උන්වහන්සේට කළ හැකි සැබෑ ගෞරවයයි. සර්ගස්ථ වූ අති උතුම් ෆැන්සිස් පාප් වහන්සේට මොක්සුව ප්‍රාර්ථනා කරමු.”

– උපුටා ගැනීම අවසන් – 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved