පුවත්

බොරු නඩු දැමීම පොලිස්පති තහනම් කරයි; බොරු නඩු දැම්ම අය ගැනත් පරීක්ෂණයක්

Published

on

අසත්‍ය චෝදනා මත පොලිස් අත්ඩංගුවට ගෙන නඩු පවරන සිද්ධීන් මින් ඉදිරියට නොවිය යුතු බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලට දැනුම් දී ඇත.

හෙරොයින්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කියමින් අධිකරණයට ඉදිරිපත් කර රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යැවූ සාම්පල්වලින් සාම්පල් 1500 ක්ම ව්‍යාජ නඩු පැවරීමට පොලිසිය යෙදවූ ඒවා බව හෙළි වී ඇත. 

මේ අනුව එම ව්‍යාජ නඩු පැවරූ නිලදාරින්ට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒකකය (SIU) යොදවා විමර්ශන කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා නියෝග කර තිබේ. 

මින් ඉදිරියට විශේෂ විමර්ශන ඒකකය මගින් මේ සම්බන්ධව කරන විමර්ශන වැඩි කිරීමට උපදෙස් ලබා දී තිබේ. 

දිනකට සෑම පොලිස් ස්ථානයකින්ම සැකපිට පස් දෙනකු බැගින් අත්අඩංගුවට ගනිමින් ක්‍රියාත්මක කළ ක්‍රමවේදය නවතා වැරදි කරන අයට පමණක් නීතිය ඍජුව කියාත්මක කළ යුතු බව වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් දී තිබේ.

වැඩබලන පොලිස්පතිවරයා සූම් තාක්ෂණය ඔස්සේ දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලට පැවැත් වූ සාකච්ඡාවකදී මේ බව දැනුම් දී ඇත.

(අරුණ)

Trending

Exit mobile version