Connect with us

පුවත්

බෝට්ටු අනතුරකින් ළමුන් 12ක් මරුට

Published

on

බටහිර ඉන්දියාවේ සිදුවු බෝට්ටු අනතුරකින් පාසල් ළමුන් 12 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුජරාට් වඩදෝරා හි හාර්නී විලේ අධ්‍යයන චාරිකාවක නිරතවු පාසල් ළමුන් පිරිසක් රැගත් බෝට්ටුවක් මෙලෙස අනතුරට පත්වී ඇති බව වාර්තා වෙයි.

ළමුන් 12 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු අනතුරින් මියගොස් ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුව තුළ පුද්ගලයින් 31 දෙනෙකු පමණ ගමන් කර ඇති බව පැවසේ.

පුද්ගලයින් 07 දෙනෙකු අනතුරින් දිවි බේරාගෙන ඇති අතර ඔවුන්  ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව තවදුරටත් වාර්තා වේ.

බෝට්ටුවේ ගමන් කළ පුද්ගලයින් ජීවිතාරක්ෂක කබා පැළඳ නොසිට ඇති බවද පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පුවත්

ගම්මන්පිලගේ විදේශ ගමන් තහනම ඉවතට

Published

on

By

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් රුපියල් මිලියන 20ක මෙරට සමාගම් කොටස් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි චෝදනා ලබා නිදොස් කොට නිදහස් කරන ලද හිටපු අමාත්‍ය උදය ගමන්පිල මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (05) ආගමන හා විගමන පාලකවරයාට නියෝග කර තිබේ.

උදය ගම්මන්පිල මහතා සිය නීතිඥවරිය මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ, ඉකුත් මාර්තු මස 24 වනදා කොළඹ මහාධිකරණය විසින් තමන්ව නිදොස් කොට නිදහස් කර තිබුණද ඔහුට පනවා තිබූ විදේශ ගමන් තහනම මෙතෙක් ඉවත් කර නොමැති බවය.

ඒ අනුව තම සේවාදායකයාට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉනෝකා පෙරේරා මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා උදය ගම්මන්පිල මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයාට නියෝග කළේය.

Continue Reading

පුවත්

හජ් උත්සව දිනය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා දින දෙකක නිවාඩුවක්

Published

on

By

2025 ජුනි 06 සහ 2025 ජුනි 09 යන දිනවල මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් නිල දැනුම්දීම ඉදිරියේදී සිදුකරනු ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තුව තුල කලා – සංස්කෘතික කටයුතු පිළීබද මන්ත්‍රී සංසදයක් පිහිටුවීමේ යෝජනාවක්

Published

on

By

දසවැනි පාර්ලිමේන්තුව තුළ කලා – සංස්කෘතික කටයුතු පිළීබද මන්ත්‍රී සංසදයක් ස්ථාපිත කිරීම සදහා වන යෝජනාවක් ඊයේ (04) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත ඉදිරිපත් කරන ලදි.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් මනුවර්න සහ රුවන් මාපලගම යන මහත්වරුන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරන ලදී.

මෙම යෝජනාව පිළිබද සළකා බලා ඉදිරි කටයුතු කිරීම සඳහා මීළගට පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved