බටපොළ ප්‍රදේශයේ හෝටලයක පැවති මංගල උත්සවයකට ගිය කරන්දෙණියේ තරුණයකු අභිරහස් ලෙස මියයාමේ පුවතක් බටපොළ පොලීසියෙන් වාර්තා වේ.
අභිරහස් ලෙස මියගිය මේ තරුණයාගේ සිරුර හමුව තිබුණේ බටපොළ ගල්හිරේ අඹගහහන්දිය තොටුපොළට ආසන්න බොරලු ඇළ ඉවුරේ පාලු වගුරු බිමකදී තිබියදීය.
මෙසේ මියගොස් ඇත්තේ කරන්දෙණිය මන්ඩකන්ද පදිංච් විසිහතර හැවිරිදි තරුණයකු වන ඉලන්දාරිදේව තරිදු ධනුෂ්ක ගුණවර්ධන නැමැත්තෙකි.
කුරුදු කාර්මිකයෙකු වන මේ තරුණයා තමන් සමඟ එකට කුරුදු කර්මාන්තයේ යෙදෙන හිතවතකුගේ මංගල උත්සවයක් වෙනුවෙන් බටපොළ කිරිමැටිය ප්‍රදේශයේ හෝටලයක පැවති උත්සවයට සහභාගිවී ඇත්තේ පසුගිය 16 වැනිදා බව පොලීසිය කියයි