ඉන්දීය මූල්‍යාධාර යටතේ ඉදිකර ඇති මඩකලපුව ශික්ෂණ රෝහලේ නව ශල්‍ය ඒකකය විවෘත කර තිබේ.
මෙරට සිටින ඉන්දීය තානාපති සන්තෝෂ් ජා මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් – වෛද්‍ය පී.ජී. මහීපාල මහතා විසින් එක්ව මෙම ශල්‍ය ඒකකය විවෘත කර ඇත.
රු. මිලියන 300ක මූල්‍යාධාර යටතේ ඉදිවූ මෙම ශල්‍ය ඒකකය හේතුවෙන් කලාපයේ සෞඛ්‍ය සේවය වැඩිදියුණු කරන අතරම, රෝහලේ පොරොත්තු ලේඛන 50%කින් අඩු කිරීමටත්, වාර්ෂිකව රෝගීන් 5000 කට ආසන්න පිරිසකට සෙත සැලසීමටත් හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.