කැනඩාවේ සිට පැමිණි පුද්ගලයෙකු විසින් රැගෙන එන ලද මත්පැන් බෝතලයක් හොරෙන් රැගෙන ගොස් පානය කළ පාසල් සිසුන් හතර දෙනෙකු සිහිසුන් වී යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
එම මත්පැන් බෝතලය එක් පාසල් සිසුවෙකුගේ මාමා කෙනෙකු විසින් රැගෙන විත් නිවසේ තබා තිබියදී පාසල් සිසුවා එය හොරෙන් ඊයේ(11) පාසලට රැගෙන ගොස් අතර මැද ස්ථානයක සගවා තිබෙන බව පැවසේ.
මෙම සිසුන් විසින් සවස් කාලයේ පැවති උපකාරක පන්තිය හමාර වීමෙන් පසුව මත්පැන් බෝතලය විවෘත කොට මත්පැන් පානය කර තිබේ.
ඉන් ස්වල්ප වේලාවකින් පසුව සිසුන් හතර දෙනාම එක දිගටම වමනය කරන්නට පටන් ගෙන ඇති අතර ඔවුන් පාර අයිනේ සිහිසුන්ව ඇද වැටී තිබු බවට වාර්තා වේ.
එම අවස්ථාවේ පාරේ ගිය එක් පුද්ගලයෙකු එක් සිසුවෙකුව හදුනා ගෙන ඔහුගේ පියාට දුරකතන ඇමතුමක් ලබා දී ඇති අතර එම පියා හා පාරේ ගිය පුද්ගලයා එක්ව සිසුන් හතර දෙනාව රෝහල් ගත කොට ඇති බව වාර්තා වේ.