පුවත්

මධ්‍යම පළාත් හිටපු විපක්ෂ නායක රිමාන්ඩ්

Published

on

අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක දොන් හරින්ද්‍ර චානක අයිලප්පෙරුම මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔහුව අද (26) අත්අඩංගුවට ගෙන තිබුණේ රජයේ රැකියා ලබාදෙන බව පවසා අල්ලස් ලෙස රුපියල් 200,000ක සහ රුපියල් 150,000ක මුදලක් ලබාගැනීම සම්බන්ධවයි.

සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 28දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලද අතර, එදිනට සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Trending

Exit mobile version