Connect with us

පුවත්

මන්ත්‍රී ජයරත්නගේ රියේ හැපුන 6ක් රෝහලේ; රථය පොලිසියේ

Published

on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජයරත්න හේරත් මහතා ගමන් කළ ජීප් රථයක් වාරියපොල ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 06 දෙනකු තුවාල ලබා රොහල්ගත කළ බව වාරියපොල පොලිසිය පැවසීය.

පෙරේදා (02) රාත්‍රී 10.20ට පමණ සිදුවූ අදාළ අනතුරින් මන්ත්‍රිවරයාට තුවාල සිදුවී නොමැති අතර, ඔහු වෙනත් රථයකින් එම ස්ථානයෙන් පිටව ගොස් ඇත. 

වාරියපොල නගර මධ්‍යයේ සිට මීටර් 150ක් පමණ දුරින් කුරුණෑගල මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සඳහන් කළේය. 

මන්ත්‍ර්‍රිවරයා ගමන්ගත් ජීප් රථය පාදෙණිය දෙස සිට කුරුණෑගල දෙසට ගමන් කරමින් සිටින අතරතුරදී මාර්ගය අසල නවතා තිබූ කුඩා ලොරි රථයක් එක් වරම මාර්ගය මැදට ගැනීම හේතුවෙන් අනතුර සිදුව තිබේ. 

සිද්ධියෙන් ලොරි රථයේ ගමන් කළ පුද්ගලයන් 05 දෙනකු සහ මන්ත්‍රිවරයා ගමන් ගත් ජීප් රථය පැදවූ රියැදුරු තුවාල ලබා වාරියපොළ දිසා රෝහලට ඇතුළත් කර ඇත. 

පසුව එම පිරිස වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ.  
අනතුරට පත් වාහන දෙක වාරියපොල පොලිසිය භාරයේ පවතී.

පුවත්

ඉන්දීය සුපිරි නළු මෝහන්ලාල් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට (වීඩියෝ)

Published

on

By

ඉන්දීය සිනමාවේ සුපිරි නළු මොහාන්ලාල් මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණි මෙම සුපිරි නළුවා අද පාර්ලිමේන්තු සභාවාරය පැවැත්වෙන අතරතුර කථානායක ගැලරියට පැමිණ තිබේ.

නියෝජ්‍ය කථානායකවරයා විසින් ඔහුගේ පැමිණීම සඳහන් කරමින් උණුසුම්ව පිළිගන්නා බව සඳහන් කරන ලදී.

ඔහුගේ මෙම පැමිණීම සියලු දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත්විය.

වීඩියෝ – Voice tube

Continue Reading

පුවත්

දේශපාලනඥයන් ඇතුළු 26 කගේ අයථා වත්කම් රජයට පවරා ගැනීමට විමර්ශන

Published

on

By

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු ඇතුළු ප්‍රබල පෙළේ දේශපාලනඥයන් 26 දෙනකු විසින් අයථා ලෙස ඉපයූ බව කියන රුපියල් කෝටි ගණනක දේපළ රජයට පවරා ගැනීම සඳහා නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් විමර්ශන ආරම්භ කර ඇත.

මෙම දේශපාලනඥයන්ගේ සහ හිටපු ආරක්ෂක ප්‍රධානියාගේ දේපළ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන මේ වනවිටත් ආරම්භ කර ඇති අතර මෙම දේපළ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශ ගැනීමේ කටයුතු ඉදිරියේදී සිදුකිරීමට නියමිතය.

අයථා ඉපයීම් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන හිටපු ආරක්ෂක ප්‍රධානියා වන්නේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියාව සිටි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාය. විමර්ශන පවත්වන අනෙකුත් දේශපාලනඥයන් ගේ නම් මෙසේය.

  • මහින්ද යාපා අබේවර්ධන, 
  • මහින්ද අමරවීර, 
  • චාමර සම්පත් දසනායක, 
  • දිලුම් අමුණුගම, 
  • රෝහිත අබේගුණවර්ධන, 
  • පවිත්‍රා වන්නිආරච්චි, 
  • කංචන විජේසේකර, 
  • සාගල රත්නායක, 
  • තිස්ස කුට්ටිආරච්චි, 
  • වජිර අබේවර්ධන, 
  • මහීපාල හේරත්, 
  • අනුර ප්‍රියදර්ශන යාපා, 
  • මනුෂ නානායක්කාර, 
  • වඩිවේල් සුරේෂ්, 
  • තුෂාර සංජීව පතිරණ, 
  • හර්ෂණ රාජකරුණා, 
  • ශානක්‍ය රාසමානික්‍යම්, 
  • පිල්ලෙයාන්, 
  • එච්.එම්. චන්ද්‍රසේන, 
  • ශාන්ත අබේසේකර.

මෙම දේශපාලනඥයන්ගේ සහ හිටපු හමුදා ප්‍රධානීන්ගේ අයථා දේපළ ඉපයීම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඒවා පවරාගෙන පසුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විමර්ශන නිලධාරියෙක් කියා සිටියේය.

මූලාශ්‍රය – දිවයින

Continue Reading

පුවත්

කෙහෙළියගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් ප්‍රශ්න කිරීමට කැඳවයි

Published

on

By

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුල්වැල්ල මහතාගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් අද (19) දිනයේ අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ.

මේ අතර ඊයේ (18) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණියක් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් තිදෙනාව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබුණි

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved