ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජයරත්න හේරත් මහතා ගමන් කළ ජීප් රථයක් වාරියපොල ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 06 දෙනකු තුවාල ලබා රොහල්ගත කළ බව වාරියපොල පොලිසිය පැවසීය.
පෙරේදා (02) රාත්‍රී 10.20ට පමණ සිදුවූ අදාළ අනතුරින් මන්ත්‍රිවරයාට තුවාල සිදුවී නොමැති අතර, ඔහු වෙනත් රථයකින් එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.
වාරියපොල නගර මධ්‍යයේ සිට මීටර් 150ක් පමණ දුරින් කුරුණෑගල මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සඳහන් කළේය.
මන්ත්‍ර්‍රිවරයා ගමන්ගත් ජීප් රථය පාදෙණිය දෙස සිට කුරුණෑගල දෙසට ගමන් කරමින් සිටින අතරතුරදී මාර්ගය අසල නවතා තිබූ කුඩා ලොරි රථයක් එක් වරම මාර්ගය මැදට ගැනීම හේතුවෙන් අනතුර සිදුව තිබේ.
සිද්ධියෙන් ලොරි රථයේ ගමන් කළ පුද්ගලයන් 05 දෙනකු සහ මන්ත්‍රිවරයා ගමන් ගත් ජීප් රථය පැදවූ රියැදුරු තුවාල ලබා වාරියපොළ දිසා රෝහලට ඇතුළත් කර ඇත.
පසුව එම පිරිස වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ.
අනතුරට පත් වාහන දෙක වාරියපොල පොලිසිය භාරයේ පවතී.