පුවත්

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරිමේ යෝජනාව මැතිසබයට

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකයි.

මේ අතර, 2022 වසරේ අරගලය පැවැති සමයේදී දේශපානඥයින් 43 දෙනෙකුගේ නිෂ්චල හා චංචල දේපළවලට සිදුව ඇති හානි වලට අදාළව රුපියල් කෝටි 122කට අධික මුදලක් වන්දි ලෙස ලබාදී ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණ කලේය.

ඒ එම වන්දි වලට අදාළ ලේඛනයක් ඉදිරිපත් කරමිනි.

එම ලේඛණයට අනුව වැඩිම වන්දි මුදල ලෙස රුපියල් ලක්ෂ 959 ක් ලබාගෙන ඇත්තේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසිනි.

Trending

Exit mobile version