Connect with us

පුවත්

මන්ත්‍රී සෙල්වරාසාට පහරදීම : 6ක් අත්අඩංගුවට

Published

on

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතාට හා තිලිපන් සැමරුම් රථ පෙලපාලියට ත්‍රිකුණාමලය සර්ධාපුරදි පහරදිම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු හය දෙනෙකු චීනවරාය හා ත්‍රිකුණාමල පොලිසි විසින් අත් අඩංගුවට ගනු ලැබූහ.

සිද්ධිය  වු ස්ථානයේ ලබාගත් ඡායාරූප හා විඩියෝ දර්ශන පදනම් කර ගනිමින් මෙම අත් අඩංගුවට ගැනිම සිදු කරණු තිබේ.

පහර කෑමෙන් පසුව රථපෙල ආපසු හරවා ගෙන තඹලගමුව දෙසට ගොස් මන්ත්‍රී සෙල්වරාසා ගජේන්දුන් මහතා දුරකතයෙන් පොලිස්පති වරයාට දුරකතයෙන් පැමිණිලි කළේය.

පසුව ත්‍රිකුණාමලය පොලිස් කණ්ඩායමක් තඹලගමුවට පැමිණ මත්ත්‍රිවරයාගේ පැමිණිල්ල සටහන් කරගැනිමෙන් පසුව අදාල පරික්ෂණ කටයුතු චිනවරාය පොලිසියට භාර දෙනු ලැබිය.

මේ අනුව චිනවරාය පොලිසිය අත් අඩංගුවට ගත් සිවු දෙනාගෙන් තිදෙනෙකු ත්‍රිකුණාමලය විජේසේකර පුර පදිංචිකරුවන් වන අතර අනෙක් තැනැත්තා සර්ධාපුර ප්‍රදේශයේ පදිංචි අයෙකි.ත්‍රිකුණාමලය පොලිසිය මගින් අත් අඩංගුවට ගත් දෙදෙනා මනයාවෙලි හා සුමේධංකරපුර පදිංචිකරුවන්වේ.

(ලංකාදීප)

පුවත්

TIN අංකය ගැන විශේෂ දැනුම්වත් කිරීමක්

Published

on

By

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති වුවද බැංකු වෙත යොමුකළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.

මේ බව පැහැදිලි කෙරුණේ ඊයේ (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

එමෙන්ම එසේ භාරගන්නා ස්වයං ප්‍රකාශනවල හිමිකරුවන්ට දේශිය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ටින් අංකය ලබාදීමේ වැඩපිළිවෙළක් සකසන බව ද එහිදී සඳහන් විය.

මහජනතාවගේ මුදල් තැන්පතු සඳහා ලැබෙන පොලිය මත මෙතෙක් අයකළ 5%ක රැඳවුම් බද්ද 10% දක්වා ඉහළ දැමීමට මෙවර අය වැයෙන් තීරණය කෙරුණි.

නමුත් පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ට වඩා අඩු වන්නේ නම් එම පුද්ගලයාගෙන් මෙම රැඳවුම් බද්ද අයකර ගැනෙන්නේ නැත.

ඒ අනුව එවැනි පිරිසට එම සහනය ඉල්ලා සිටිමින් බැංකු හා මූල්‍ය ආයතන වෙත ස්වයං ප්‍රකාශනයක් ඉදිරිපත් කළ හැකි බව රජය නිවේදනය කළේය.

එම ස්වයං ප්‍රකාශනයට TIN අංකය අනිවාර්ය බැවින් එය ලබාගැනීම සඳහා මේ දිනවල විශාල ජනකායක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණමෙින් සිටින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් කේ.එස් ශාන්ත මහතා,

“වාර්ෂික ආදායම ලක්ෂ 18 ඉක්මවන්නේ නැත්නම් මූල්‍ය ආයතන වෙත ස්වයං ප්‍රකාශයක් සිදුකරන්න පුළුවන්. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ එම ප්‍රකාශය තිබෙනවා. ප්‍රකාශය කරන පුද්ගලයාට TIN අංකයක් තිබිය යුතුයි. TIN අංකය ලබාගැනීමට විශාල පිරිසක් පැමිණෙනවා. TIN අංකය නැතුව ප්‍රකාශය භාරගන්න කියලා බැංකුවලින් ඉල්ලීම් කළා. මේ මාසයේ TIN අංක නොමැතිව ප්‍රකාශ ලබාදෙන අයගේ විස්තර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට TIN අංකය ලබාදෙන්න පුළුවන්. වැරදි ප්‍රකාශන ලබාදෙන අයට එරෙහිව දඬුවම් දීමේ විධි විධාන තිබෙනවා.”

Continue Reading

පුවත්

අද හවසට මි.මී 75 ඉක්මවූ වැසි

Published

on

By

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

Continue Reading

පුවත්

යුද්ධ හමුදාව රට වැසියන්ගෙන් කළ කාරුණික ඉල්ලීම

Published

on

By

වර්තමානයේ දී සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත විවිධ යෙදවුම් තුලින් (YouTube, Tik tok හා Facebook) සිදුකරනු ලබන රූප රචනා, ගීත හා කෙටි වීඩියෝ සඳහා යුද්ධ හමුදා නිල ඇඳුම් අනුමැතියකින් තොරව යුද්ධ හමුදා ප්‍රතිරූපයට හානිකර අන්දමින් භාවිත කිරීමේ ප්‍රවනතාවයක් මතුව ඇති බවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය පවසයි.

මෙලෙස යුද්ධ හමුදා නිල ඇදුම් අවසරයකින් තොරව නිර්මාණ කටයුතු සඳහා භාවිත කිරීම නීති විරෝධි ක්‍රියාවක් වුවද බොහෝ දෙනා තම නොදැනුවත්කම මත මෙවැනි ක්‍රියාකාරකම් සිදුකරන බවද පෙනෙන්නට ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

මෙලෙස නොදැනුවත්කමින් සිදුකර ක්‍රියාවන් හේතුවෙන් මව්බිම වෙනුවෙන් තම ජිවිත, අවයව පූජාකල යුද්ධ හමුදා සාමාජිකයින් පැලදි හා අදටත් මෙම දේශය ආරක්‍ෂා කරන යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉතා ගෞරවයෙන් හා අභිමානයෙන් පලදින නිල ඇදුමක් මෙවැනිවූ ක්‍රියාකාරකම් සඳහා භාවිත කිරීම මගින් සමස්ත යුද්ධ හමුදා ප්‍රතිරූපයටම හානියක් සිදුවන අතර, දශක තුනකට ආසන්න කාලයක් පුරා මව්බිම වෙනුවෙන් තම ජීවිතය කැපකල රණවිරුවන්ද හෑල්ලුවට ලක් වන බව එම නිවේදනයෙන් ජනතාවට දැනුම් දී ඇත.

එබැවින් ඉහත කරුණු පිළිබඳව අවධානය යොමු කර යුද්ධ හමුදා ප්‍රතිරූපයට හානි කරන මෙවැනි දේ සිදුකිරීමෙන් වලකින ලෙසට  ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය සිය නිවේදනයෙන් සියළු ශ්‍රී ලාංකිකයන්ගෙන් කාරුණිකව ඉල්ලා තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved