Connect with us

පුවත්

‘පාස්කු ප්‍රහාරය ගැන රවීගෙන් හෙළිදරව්වක්! (වීඩියෝ)

Published

on

වසර 2019දී සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි හිටපු (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – රවී සෙනවිරත්න මහතා අදහස් දක්වා තිබේ.

ඒ, අද (18) TNL රූපවාහිනි නාලිකාව විසින් විකාශය කරනු ලැබූ ‘ජනතාවාදී ජනහඬ’ වැඩසටහන හා එක්වෙමිනි.

එම වැඩසටහනේ සජීවී විකාශය පහතින් 

ක්‍රීඩා

චමරි හා ජයග්‍රාහී කාන්තා ක්‍රිකට් පිල දිවයිනට

Published

on

By

දකුණු අප්‍රිකාවේ පැවති විස්සයි විස්ස සහ එක් දින තරගාවලි දෙකම සහ ඩුබායි හි පැවති ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරඟ සියල්ල ද ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (09) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

මෙම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙසේ යළිත් මෙරටට පැමිණියේ මාස දෙකක, ක්‍රිකට් තරඟ සංචාරයන් දෙකක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවය.

ගුවන් තොටුපොළේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මෙසේ පැවසීය .

“අපට මෙම ජයග්‍රහණය කිරීම සදහා කණ්ඩායමේ දක්ෂ යොවුන් ක්‍රීඩිකාවන් මෙන්ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් ද විශාල සහයක් ලබා දුන්නා…. “

එළඹෙන ඔක්තෝබර් මාසයේ බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම සමඟ තරගාවලියක් ද , ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය සහ අයර්ලන්තයේ ක්‍රිකට් තරගාවලි සංචාරයක් ද සදහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වීමට නියමිත බව ද ඇය පැවසුවාය .

Continue Reading

පුවත්

අද දවසේත් සවසට වැසි

Published

on

By

දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ඇතැම්ස්ථා  නවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Continue Reading

ක්‍රීඩා

හිටපු දැල්පන්දු නායිකාවකට තහනම් උත්තේජක චෝදනා!

Published

on

By

ශ්‍රී ලංකා උත්තේජක මර්ධන නියෝජිත ආයතනය මගින් සිදුකල තහනම් උත්තේජක පරීක්ෂණයකදී හිටපු දැල්පන්දු නායිකාවක් තහනම් උත්තේජක ලබාගත් බවට තහවුරු වී ඇතැයි වාර්තා වේ.

ටොරින්ටන් ශරීර සුවතා මධ්‍යස්ථානයේදී ජාතික දැල්පන්දු ක්‍රීඩිකාවන් ඉලක්ක කර සිදුකළ තහනම් උත්තේජක පරීක්ෂණයකදී මේ බව හෙළිව තිබේ.

එහිදි ක්‍රීඩිකාවන් දෙදෙනෙකු අහඹු ලෙස මෙම පරීක්ෂණයකට යොමුකර එක් ක්‍රීඩිකාවක් මාංශ පේශීන් වර්ධනයට සිදුකරනු ලබන ඇනබොලික් ස්ටොරයිඩ් නම් වූ තහනම් උත්තේජකය ලබා ගෙන ඇති බවට තහවුරුවී ඇතැයි පැවසේ.

මෙය ටෙස්ටෙස්ටරෝන් හෝමෝනයට සමාන මිනිසා විසින් නිෂ්පාදිත කෘතිම ස්ටොරයිඩටයක් ලෙස සැලැකේ.

අදාල පරීක්ෂණවල ප්‍රතිපළ ඊයේ (08) උදෑසන කටාර්හී පිහිටි උත්තේජක පාලන රසායනාගාරය විසින් නිකුත් කර ඇති අතර, එහිදි හිටපු නායිකාවගේ සාම්පලවල මෙම තහනම් උත්තේජකයේ සංගටක පැවති බව තහවුරු වී ඇත.

මේ අතර, ශ්‍රී ලංකා උත්තේජක මර්ධන ඒකකයේ ප්‍රධානී වෛද්‍ය ශිරෝමි පිලපිටිය මහත්මිය මාධ්‍යට පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් විමර්ශණයක් සිදුකරනු ලබන බවත්, එසේම අද (09) දිනයේ ප්‍රකාශයක් නිකුත් කිරීමට කටයුතු සූදානම් කරන බවයි.

එමෙන්ම මේ සම්බන්ධව සිදුකරන පරීක්ෂණයේදී අදාල ක්‍රීඩිකාව වැරදිකරු වුවහොත් වසරක සිට වසර 4ක් දක්වා දැල් පන්දු ක්‍රීඩාව හා ඊට සම්බන්ධ කිසිදු කටයුත්තක් සිදු කල නොහැකි ආකාරයේ තහනමක් පැනවෙනු ඇති බවත් පැවසේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved