Connect with us

පුවත්

මන්න රමේෂ්ගේ “බූචා”, ඌරු ජුවාගේ “කූඩැල්ලා” බඩුත් එක්ක මාට්ටු වෙයි

Published

on

පාතාල නායකයකු ලෙස සැලකෙක මන්න රමේෂ්ගේ ගෝලයෙක් වන “බූචා”  කඩුවක් හා හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව පොලිස්  විශේෂ කර්ය බලකාය කියයි. 

සැකකරු අවිස්සාවේල්ල සීතාවක අපනයන සැකසුම් කළාපයේ සේවකයින් හට බලහත්කාරයෙන් නීති විරෝධී දුම්වැටි අලෙවි කරනු ලැබු පුද්ගලයෙකු බවද විශේෂ කාර්ය බලකාය කියයි.

මෙම සැකකරු මයික්‍රො වර්ගයේ පිස්තෝල අවියක් සන්තකයේ තබා ගෙන සිටියදී 2020 වර්ෂයේ සැප්තැම්බර් මස විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයෙකු බවද හෙලිවී ඇත .

පොලිස් විශේෂ කාර්ය බලකායේ පුගොඩ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පෙරේදා 17 අවිස්සාවේල්ල පොලිස් වසමේ අවිස්සාවේල්ල – කුඩගම මාර්ගයේ දී මෙම වැටලීම කෙරිණි .

සැකකරු සතුව තිබී කඩුවක්, හෙරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 280 ක් සහ මුදලින් රු. 220,680.00ක් ද සොයා ගෙන ඇත.

මේ අතර, සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වශයෙන් සැලකෙන ඌරුජුවාගේ සමීපතමයකු ඊෂි කෑෂ් ක්‍රමයට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටියදී තියුණු ආයුධයක් සහ මත්ද්‍රව්‍ය සමගින් හංවැල්ල දිද්දෙනිය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ කූඩැල්ලා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන වන 27 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු දිද්දෙනිය ප්‍රදේශයේ කුලී පදනමට ලබාගත් නිවසක රැඳී සිටියදී මෙසේ අත්අඩංගුවට ගත් බවත් එම අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් පමණ, සිම් කාඩ්පත්, ජංගම දුරකථනයක්, කුඩා තරාදියක්, බැංකු කාඩ්පත් 09 ක් සමඟ තියුණු ආයුධයක්ද හමු වූ බව පොලිසිය පවසයි.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved