පුවත්

මම ජනපති එක්ක රට හදන්න එකතු වෙනවා

Published

on

එළැඹෙන 2028 වසරේ සිට විදෙස් ණය ගෙවීමට අදාළ අපනයන කේන්ද්‍රීය ආර්ථික වැඩපිළිවෙල සමගි ජන බලවේගය සතු බව සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ගම්පහ, කිරිඳිවැල පිහිටි හර්ෂණ රාජකරුණා මහතාගේ නිවසේ ඊයේ (14) පැවැති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කලේය.

ආර්ථිකය විශාල වන විට රටට ධනය හා විදේශ විනිමය ලැබෙන බැවින් ඒ ඔස්සේ ණය ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ කළ හැකි බව හිටපු විපක්ෂ නායකවරයා පැවසුවේය.

ආදායම් මාර්ග ශක්තිමත් කරමින් නව ව්‍යාපාර ආරම්භ කළ හැකි බව එම පරිසරය නිර්මාණය කරන ප්‍රතිපත්ති මාලාවක් තිබෙන්නේ සමගි ජන බලවේගයට බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මෙහිදි තවදුරටත් සඳහන් කර සිටියේ අපනයන කේන්ද්‍ර ආර්ථිකයක් ඇති කිරීම සඳහා දක්ෂ හා නිපුණතාව ඇති කණ්ඩායම සිටින්නේ කාටදැයි ජනතාව සිතිය යුතු බවය.

මේ අනුව, ලබන 2028 සිට නැවත ණය ගෙවීම ආරම්භ කර බංකොලොත්භාවයෙන් ඉවත් වූ රටක් නිර්මාණය කළ හැකි බව පැවසු ප්‍රේමදාස මහතා ජනතාව මුහුණ දෙන දුගී දුප්පත්කම, විරැකියාව, දුෂ්කර ජන ජීවිතය ආදී ගැටලුවලට විසඳුම් අවශ්‍ය බව සඳහන් කලේය.

මේ වෙනුවෙන් සමගි ජන බලවේගය වර්තමාන ජනාධිපතිවරයා සමග එකතු වී රට හදන ගමනට එකතු වන බව හිටපු විපක්ෂ නායකවරයා අවධාරණය කලේය.

Trending

Exit mobile version