මරණීය දණ්ඩනය නියම වී සිටි සිවනාදන් ප්‍රේමනාත් නොහොත් නෙඩුවරන් නමැත්තා නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
වසර 2009 දී වවුනියාවේදී වෛද්‍යවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහු වරදකරු වී තිබිණි.
එම විත්තිකරු විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කොට තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඔහු නිදහස් කරන ලෙසට වන තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
2009 වසරේ අප්‍රේල් මස 20 වනදා වවුනියාවේදී සුල්තාන් මොහිදින් බාවා නමැති වෛද්‍යවරයා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම විත්තිකරුට එරෙහිව වවුනියාව මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර තිබුණී.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ වවුනියාව මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරු කරමින් මරණීය දණ්ඩනය නියම ලබාදෙන ලදී.
පසුව එම මරණීය දණ්ඩනයට එරෙහිව විත්තිකරු අභියාචනාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කර තිබූ අතර, එම අභියාචනය විභාග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළේ විත්තිකරුට එරෙහිව මහාධිකරණයේදී පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බවයි.
ඒ අනුව එම විත්තිකරු නිදහස් කරන බවත් අභියාචනාධිකරණය සිය තීන්දුවෙන් ප්‍රකාශ කළේය.