Connect with us

පුවත්

මල්වානේ මැදුර පිං හරක් ඇතිකරන්න ඉල්ලයි!

Published

on

පසුගිය කාලයේදී රටේ මහත් ආන්දෝලනයක් ඇති කළ ගම්පහ ‘මල්වානේ නිවස’ සහ ඉඩම ඝාතකාගාරවලින් නිදහස් කරගත් ගවයන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ලබාදෙන ලෙසට අධිකරණ අමාත්‍යංශයට ඉල්ලීමක් ලැබී තිබේ.

අධිකරණ තීන්දුවක් මගින් මල්වානේ දේපළ රාජසන්තක කර තිබෙන බැවින් මෙම ඉල්ලීම පිළිබඳ කෙසේ කටයුතු කළ හැකි දැයි සොයා බලන ලෙසට අමාත්‍යංශයේ නීති අංශයට මේ යෝජනාව යොමු කළ බව එහි උසස් නිලධාරියෙකු පැවසීය.

මෙම ඉඩම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශයට තීරණයක් ගත නොහැකි බවත්, නීතිපති දෙපාර්තමේන්තුවේ මතය විමසා ඉදිරි ක්‍රියාමාර්ගවලට යොමුවන බවත් එම නිලධාරියා සඳහන් කළේය.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සත්ව ගොවිපොළවල රාජකාරි සිදු කළ පශු සම්පත් නිලධාරියකු ගව ඝාතකාගාරවලින් වටිනාකම ගෙවා නිදහස් කරගන්නා කිරි දෙනුන්ට හා වැස්සියන්ට ආහාර හා ඖෂධ ලබා දී රැක බලාගැනීමට මල්වානේ නිවෙස සහ ඉඩම මෙසේ ඉල්ලා තිබේ.

අධිකරණ නියෝගයකින් රාජසන්තක කළ මල්වානේ ඉඩම සහ ගොඩනැගිල්ල ගවයන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානය පවත්වාගෙන යාමට සුදුසු අයුරින් පිහිටා තිබෙන බව එම ඉල්ලීම මගින් පෙන්වා දී ඇත.

(මව්බිම)

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved