කන්තලේ පොලිස් වසමට අයත් රජඇල ප්‍රදේශයේදී ඊයේ (06) රාත්‍රියේ පුද්ගලයෙකු තම දියණිය සමග දුම්රියට පැන සියදිවි හානි කරගෙන තිබේ.
ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රී දුම්රියට පැන මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බව කන්තලේ පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කන්තලේ පේරාරු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38ක පුද්ගලයෙක් සහ ඔහුගේ 06 හැවිරිදි දියණියයි.
මියගොස් ඇති පුද්ගලයාගේ බිරිඳ විදේශ රැකියාවකට ගොස් ඇති අතර එහිදී ඇය අනියම් සම්බන්ධතාවයක් පවත්වන බවට දැන ගැනීමෙන් ඇතිවු සිත් තැවුල හේතුවෙන් දියණිය සමග සියදිවි හානි කරගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෘතශරීර කන්තලේ රෝහලේ තැන්පත් කර ඇති අතර කන්තලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.