Connect with us

පුවත්

මහාධිකරණ විනිසුරුට මඩ පොස්ටර් ගැසූ දක්ෂිත සුමතිපාල යළි රිමාන්ඩ්

Published

on

මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට එරෙහිව කොළඹ මඩ පෝස්ටරයක් මුද්‍රණය කර කොළඹ ප්‍රදේශයේ ඇලවූයේ යැයි කියන සිද්ධියට සම්බන්ධයෙන් ප්‍රකට ව්‍යාපාරික දක්ෂිත සුමතිපාල මහතා ලබන 21 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා ඊයේ (18) නියෝග කළේය.

අදාළ සිද්ධියට ඔහු සමඟ මාතලේ පදිංචි ඉශාන් ගුණසේකර, ඇරැව්වල පදිංචි ක්‍රිශාන් නාලක, මඩපාත පදිංචි මනෝජ් මධුශංක, කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන ලක්මාල් වික්‍රමසිංහ, කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු වන එස්. බී.එච්.එම්. මධුශංක සහ මුද්‍රණනාලයේ හිමිකරු වන දසුන් තරංග බණ්ඩාර යන සැකකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

දක්ෂිත කොළඹ රාජකීය විදුහලේ ආදිසිසුවෙකු වන අතර ඔහු ආන්දෝලනාත්මක පිළිකා ඔසු අලෙවිකරනු ලබන ආයතනයක හිමිකාරිත්වය ද දරයි.

මූලාශ්‍රය – ලංකාදීප

සබැඳි පුවත්

පුවත්

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (22) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

Posted by Department of Government Information – Sri Lanka on Monday, April 21, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ පොහොර සහනාධාර අද සිට

Published

on

By

යල කන්නයේ පොහොර සහනාධාර අද සහ හෙට මුදා හරින බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ දිස්ත්‍රික්ක 09 ක් සඳහා එම මුදල් මුදා හරින බවය.

කුඹුරු හෙක්ටයාර 1ක් සඳහා රුපියල් 25,000 බැගින් හෙක්ටයාර 2කට යටත්ව පොහොර සහනාධාරය ලබාදෙනු ලැබේ.

Continue Reading

පුවත්

කෙහෙළියගේ නඩුවට නීතිපතිගෙන් ඉල්ලීමක්

Published

on

By

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අනෙකුත් සැකකරුවන් 11 දෙනාට එරෙහි ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් පිළිබඳ නඩු විභාගය සඳහා ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

2018 අංක 9 දරණ අධිකරණ සංවිධාන සංශෝධන පනතේ, 12 වගන්තියේ විධිවිධාන ප්‍රකාරව මෙම ඉල්ලීම සිදුකර ඇති බව සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved