Connect with us

ක්‍රීඩා

දක්ෂිතට අන්ත පරාජයක්

Published

on

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ අද (29) පැවති නිලවරණයෙන් ජස්වර් උමාර් මහතා පාපන්දු සම්මේලනයේ නව සභාපති ලෙස තේරී පත් විය.

ලීග 67කින් ජස්වර් උමාර් ඡන්ද 45ක් ලබාගත් අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ දක්ෂිත සුමතිපාල මහතා ලබාගත්තේ ඡන්ද  20 ක් පමණි.

ලීග 65 ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණය අද (29) පස්වරු 3.00ට ආරම්භවිය. ලීග 2ක් නිලවරණයට සහභාගී වී නොතිබිණ.

එහිදී සිව් වසරක කාලයක් සඳහා (2027 දක්වා) බල පැවැත්වෙන පරිදි විධායක සභාව පත්කර ගැනිණ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු ආචාර්ය යූ.එල්. මජීඩ් ගේ සභාපතිත්වයෙන් යුතු නිලවරණ කමිටුවේ අධීක්ෂණය යටතේ පැවති මෙම නිලවරණය නිරීක්ෂණය කිරීම සඳහා අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හා ආසියානු පාපන්දු සමුළුවේ නියෝජිතයන් ද එක්ව සිටියේය.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හා ආසියානු පාපන්දු සමුළුවේ නියෝජිතයන් 4 දෙනකු මෙම නිලවරණය නිරීක්ෂණය කිරීම සඳහා 27දා රාත්‍රියේ දිවයිනට පැමිණි අතර මෙම පිරිසට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සාමාජික රටවල අභ්‍යන්තර කටයුතු භාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයකු ද ඇතුළත් විය. 

ක්‍රීඩා

රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හිදී යුපුන්ට 4වැනි ස්ථානය

Published

on

By

ඉතාලියේ පැවැත්වෙන රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හි මීටර 100 පිරිමි ඉසව්වට තරගවැදි ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් එම තරගය තත්ත්පර 10:21කින් නිමා කරමින් එහි සිව්වැනි ස්ථානයට පත්ව තිබේ.

කෙසේවුවද, ඔහුට මේ තරගයේදී ඔහුගේ හොඳම කාලය වන තත්ත්පර 10:18 සීමාව පසු කිරීමට නොහැකි වී ඇත.

ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන් ඔහු මේ තරගය සඳහා සහභාගි විය.

මේ අතර ජපානයේ පැවැත්වෙන සීකෝ ගෝල්ඩන් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර 400 පිරිමි ඉසව්ව සඳහා කාලිංග කුමාර අද (19) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.47ට තරඟ වදීමට නියමිත බවද වාර්තා වේ.

Continue Reading

ක්‍රීඩා

යුපුන් අද තරඟ බිමට

Published

on

By

ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් අද (18) යළි ජාත්‍යන්තර තරඟ බිමට එක්වේ.

ඉතාලියේ පැවැත්වෙන රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හි මීටර 100 පිරිමි ඉසව්ව සඳහා එක්වන යුපුන් අබේකෝන් ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.25 ට තරඟ වැදීමට නියමිතය.

මේ අතර ජපානයේ පැවැත්වෙන සීකෝ ගෝල්ඩන් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර 400 පිරිමි ඉසව්ව සඳහා කාලිංග කුමාර හෙට (19) ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11.47ට තරඟ වදිනු ඇත.

Continue Reading

ක්‍රීඩා

හර්දික් පාණ්ඩ්‍යා ට තරඟ තහනමක්

Published

on

By

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක හර්දික් පාණ්ඩ්‍යා ට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තරග තහනමක් සහ දඩ මුදලක් නියම කර තිබේ.

ඒ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ සහභාගී වූ අවසන් තරගයේදී අඩු පන්දුවාර වේගයක් පවත්වාගෙන යාම හේතුවෙනි.

හර්දික් පාණ්ඩ්‍යාට දඩයක් හා එක් තරග තහනමක් පනවා ඇති බව සඳහන් ය.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ,  කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට ද ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩයක් හෝ තරග ගාස්තුවෙන් 50%ක් නියම කර ඇති බවය.

අවස්ථා 05ක දී අයි.පී.එල් ශූරතාව හිමිකරගෙන ඇති මුම්බායි ඉන්දියන් කණ්ඩායමට මෙවර තරගාවලියේ ජයගැනීමට හැකිවූයේ නියමිත තරග 14න් 04ක් පමණක් වන අතර ඒ හේතුවෙන් ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved