Connect with us

පුවත්

‘මහින්දගේ ආරක්ෂාවට තිහක් හිටිය ම හොඳට ම ඇති

Published

on

හිටපු ජනාධිපති කෙනෙක් නිසා ප්‍රභූවරයෙක් කියලා හැඳින්වූවත් මහින්ද රාජපක්ෂට පොලිස් නිලධාරීන් තිස්දෙනෙකුගේ ආරක්ෂාව හොඳට ම ප්‍රමාණවත් බව මගේ විශ්වාසය යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කැලණිය නුංගම්ගොඩ පිහිටි එතුමාගේ පක්ෂ කාර්යාලයේදී පැවසීය.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව වත්මන් රජය විසින් කප්පාදු කිරීම ඇතුළු රටේ පවතින ප්‍රශ්න කීපයක් පිළිබඳව ඝෘජුව ම අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මෙසේද පැවසීය.

“මහින්ද රාජපක්ෂ මහතාට තිස් වසරක යුද සමයේදීවත් මරණ තර්ජනයක් තිබුණේ නැහැ.

2005 වසරේ පැවති මැතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රකාශයේ තිබුණේ ප්‍රභාකරන් මහත්තයා හම්බවෙලා මේ රටට සාමය ගේන්න සාම සාකච්ඡා කරනවා. යුද්ධය මම අනුමත කරන්නෙ නෑ. යුද්ධයෙන් පිළිතුරු සොයන්න බෑ කියලයි මහින්ද චින්තනයේ තියෙන්නෙ. මහින්ද රාජපක්ෂ කියන්නෙ එල්.ටී.ටී.ඊ. හිතවාදී නායකයෙක් මිස ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් වුණු නායකයෙකු නොවෙයි.

යුද්දෙ ඉවර වෙන්න මාස තුනක් තියෙද්දී 2009.01.31 ඉඳලා පෙබරවාරි පළමු වන දා වෙනකන් සටන් විරාමයක් දුන්නා. අපි එපා ම කිව්වා. අවසානය පෙනි පෙනී ජයග්‍රහණය ඇස් ඉදිරියේ තියාගෙනයි මහින්ද සටන් විරාමයක් දුන්නෙ. ඒ සටන් විරාමය නුදුන්නා නම් ඊට දවස් තුනකට පස්සෙ අපි යුද්දෙ ඉවර කරනවා.

සටන් විරාමෙදී අපේ හමුදාව බැරැක්කවල ඉද්දී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් අපේ හමුදාවට ගැහුවා. හමුදාවට සිද්ධ වුණා කිලෝමීටර් තුනක් ආපස්සට එන්න. මහින්දගෙ රජයෙන් එදා අනුමත නොකළ යුතුව තිබුණු මේ සටන් විරාමය දුන්නෙ ප්‍රභාකරන් ඇතුළු නායකයන්ට පැනලා යන්න තමයි.

ප්‍රභූවරයෙක් වුණාට එයාට වැඩි ම වුණොත් පොලිස් නිලධාරීන් තිහකගේ ආරක්ෂාව ප්‍රමාණවත් බව මගේ හැඟීමයි. කවදාවත් එල්.ටී.ටී.ඊ.ය ඩ්‍රෝන තාක්ෂණය තියා වෙන කිසිම විධියකින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කරන්නෙ නම් නැහැ.”

මව්බිම

පුවත්

අද කාලගුණයේ වෙනසක්

Published

on

By

අද (12) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (30–40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත.

Continue Reading

පුවත්

වෙසක් පුර පසොළොස්වක පොහොය අදයි

Published

on

By

ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අද (12) ට යෙදී තිබේ.

බුදුන් වහන්සේ සුමේධ තාපස ආත්ම භාවයේදී දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබුවේ ද වෙසක් පොහොය දිනයක වන අතර උන්වහන්සේ බුද්ධත්වයෙන් අටවන අවුරුද්දේදී මණිඅක්ඛික නා රජුගේ ඇරයුමින් කැලණියට වැඩම කළේ ද වෙසක් පොහොය දිනයේ වීම තවත් විශේෂත්වයකි.

ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය ශ්‍රී ලංකාවාසීන් මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.

Continue Reading

පුවත්

ගැරඩි ඇල්ල බස් අනතුරින් මියගිය ගණන ඉහලට; බස් එකේ කොටසුත් ගොඩ ගනියි

Published

on

By

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි.

අද (11) උදෑසන ප්‍රපාතයට පෙරළුණු එම බස් රථයේ කොටස් පස්වරුවේ ගොඩගෙන තිබේ.

පොලීසිය සහ යුදහමුදාව එක්ව විශාල දොඹකර ආධාරයෙන් මෙම බස් රථයේ කොටස් ගොඩට ගෙන ඇත.

පසුව එම කොටස් ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා කොත්මලේ පොලීසිය වෙත රැගෙන යවා ඇති බවද පැවසේ.

අද අළුයම සිදු වූ අනතුරින් මේ වන විට පුද්ගලයින් 22නෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම අනතුර සම්බන්ධ විමර්ශන කොත්මලේ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved