ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවෙන් ඉවත්වීමේ අවදානම් තත්ත්වයක් උද්ගතව ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බව “සති අග අරුණ’’ වාර්තා කර තිබේ.
එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් මෙසේ දැක්වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරන ලද යෝජනාවක් වන විදුලි ගැළපුම් ගාස්තු සංශෝධනය පසුගිය මාර්තු මස 31 වැනිදා අවසන් කරන ලෙස එම අරමුදල විසින් දැනුම් දී තිබුණ ද, එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී තිබීම ගැටලුකාරී තත්ත්වයක් බව හිටපු ජනාධිපතිවරයා කීවේය.
විස්තීරණ ණය පහසුකම් වැඩසටහන යටතේ පස්වැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 344 ක් අප්‍රේල් මස පළමු සති දෙක තුළදී ලබා ගැනීමේ හැකියාව පැවැතියත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරන ලද යෝජනා ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම ප්‍රමාද කිරීම නිසා එම මුදල ලබා ගැනීම තවත් ප්‍රමාද වනු ඇතැයි ද ඔහු පැවැසුවේය.
විදුලි ගැළපුම් ගාස්තු මෙතෙක් ඉදිරිපත් නොකිරීම නිසා ඩොලර් මිලියන 344 ක් ලබා ගැනීමට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේ අනුමැතිය ලැබීමට කල්ගතවනු ඇතැයි ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය. මෙම ගැටලු මත ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සංවර්ධන ව්‍යාපෘති කටයුතු සඳහා මුදල් වෙන් කිරීම ද අවදානම් තත්ත්වයක පවතින බවද ඔහු පැවැසීය.
කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ජූනි මාසය වන විට දී අනිවාර්යයෙන්ම විදුලි බිල සම්බන්ධ උපකල්පනවල යම් යම් ගැටලු විසඳාගෙන නිසි පරිදි ඉදිරියට යෑම සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම්දුන් බවය.