හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ශල්‍යකර්මයකට භාජනය කර ඇති බව වාර්තා වේ.
අදාළ සැත්කම සිදු කර ඇත්තේ මහින්ද මහතාගේ දකුණු පාදයේ බවද පැවසේ.
ඒ මහතාගේ දකුණු කකුලේ දණිස් පොල්කටුව ඉවත්කර අලුතින් දණිස් පොල්කටුවක් බද්ධ කිරීමට මේ සැත්කම සිදුකර ඇත.
කෙසේවුවද, ඒ මහතාට මීට පෙර වම් පාදයේද සැත්කමක් සිදු කළ අතර එය සිදු කරනු ලැබුවේ ද ඒ මහතාගේ දණිස් පොල්කටුව ඉවත් කර නව දණිස් පොල්කටුවක් බද්ධ කිරීම සඳහාය.
සැත්කම සාර්ථකවීමෙන් පසුව ඒ මහතා මේවන විට සිය නිවසේ රැඳී සිටින බවත්, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලඥයන් මේවන විට ඔහුගේ සුවදුක් විමසීමට ඒ මහතාගේ නිවසට යන බවද වාර්තා වේ.
මූලාශ්‍රය – නෙත් කණින් කොණින්