Connect with us

පුවත්

මහින්දානන්ද නිදැල්ල‍ේ පහර කෑ මන්ත්‍රී ගුණතිලක දැඩි සත්කාර ඒකකයේ!

Published

on

ශ්‍රීලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේගේ මහතාගේ පහර කෑමට ලක්වූ එම පෙරමුණේම පාර්ලිමේන්තු මන්ත්‍රි ගුණතිලක මහතාගේ පාදයේ පැය හතරක ශල්‍යකර්මයක් සිදුකළ බව එම මන්ත්‍රිවරයාගේ පුත් නිලුපුල් රාජපක්ෂ මහතා කියයි.

මහින්දානන්ද, මේ පහරදීම සිදුකර තිබුණේ ජනාධිපති මන්දිරයේ පැවති පක්ෂ රැස්වීමකින් පසුව වීම විශේෂිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ දී පෙරේදා (03) පැවැත්විණි.

මෙහිදී මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ හා ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රිවරු දෙපළ අතර වචන හුවමාරුවක් ඇතිව තිබේ.

පසුව රැස්වීම අවසන් වී පිටතට පැමිණීමෙන් අනතුරුවද මන්ත්‍රිවරුන් අතර යළි උණුසුම් කතාබහක් ඇතිව තිබේ.

මෙම අවස්ථාවේදී මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගම මහතා විසින් පහරදීමක් සිදුකර ඇත.

ප්‍රහාරයට ලක් වූ බව සඳහන් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රිවරයා මේ වන විට කොළඹ හමුදා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඒ මහතා සඳහන් කළේ උණුසුම් කතාබහක නිරත වූ අවස්ථාවේ මහින්දානන්ද අලුත්ගම මන්ත්‍රිවරයා එක්වරම තමාට එක දිගටම අතින් පයින් පහර දුන් බවය.

මේ සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයාගෙන් කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ එම අවස්ථාවේ තමා ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රිවරයාගේ කමිස කොලරයෙන් අල්ලාගත් බවත් ඒ අසල සිටි තවත් මන්ත්‍රිවරු කීපදෙනෙක් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රිවරයා පසුපසට ගැනීමට උත්සහ කිරීමේදී ඔහු ඇද වැටී තුවාල ලැබූ බවත්ය.

මේ සම්බන්ධයෙන් නිවැරදි දර්ශන ජනපති මන්දිරයේ ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කර ලබාගත හැකි බවද හෙතෙම පවසා ඇත.

මේ අතර පහර කෑමට ලක් වූ බව සඳහන් ගුණතිලක රාජපක්ෂ මහතාගේ පුත් නිළුපුල් රාජපක්ෂ ඊයේ (04 වැනිදා) මේ සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇති අතර ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රිවරයාගේ ලිඛිත පැමිණිල්ලක්ද ඒ සමග භාරදී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් පල කළ නිළුපුල් රාජපක්ෂ මහතා කියා සිටියේ අසාධාරණ අයුරින් දැඩි ප්‍රහාරයකට ලක්ව ඇති තම පියා මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තරාතිරම නොබලා කඩිනම් පරීක්ෂණයක් සිදුකොට වග කිව යුත්තාට එරෙහිව දැඩි නීතිමය පියවර ගත යුතු බවත්ය.

මහින්දානන්ද අලුත්ගමගේ හා ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රිවරුන් දෙදෙනාම මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි අතර ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රිවරයා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධුරයද උසුලයි.

මේ අතර, අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැයකරමින් කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලබූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම නඩුවෙන් කොළඹ මහාධිකරණය ඔහුව නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ මීට මසකට පමණ පෙරදීය.

එසේම මීට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරනු ලබන රාජ්‍ය ඇමති ප්‍රසන්න ‍රණවීර මහතා ද  ගුවන් තොටුපල සේවකයකුට පහරදීමේ සිද්ධියක් මාධ්‍ය වාර්තා කළ අතර එහිදී ද අමාත්‍යවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවූ බවට පොලිසියට චෝදනා එල්ල විය.

සබැඳි පුවත් :
ඇමති ප්‍රසන්න පෝටර් කෙනෙකුට ගැහුව සිද්ධිය ගැන CCTV පරික්ෂාවට 

පුවත්

කොළඹ – ගුවන් තොටුපොළ නව බස් සේවයක්

Published

on

By

කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් අරඹා තිබේ.

මින් පෙර ඇවරියවත්ත බස් නැවතුම්පොළින් ගමන් අරඹන ලද මෙම බස් රථ සේවය ඊයේ (05) සිට ගුවන්තොටුපොළින් ගමන් අරඹා තිබෙන බව සඳහන්ය.

දැනට පෞද්ගලික අංශය සතු බස් රථ ධාවනයේ යෙදවීමට නියමිත අතර ඉදිරියේ දී ගමන් මලු රැගෙන යාමේ පහසුව සහිත බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.

මෙම බස් රථ වල සේවක මහතුන්ට ජනතා හිතවාදී සේවයක් සැපයීම සඳහා නිසි පුහුණුවක් ලබා දීමෙන් පසුව සේවයේ යොදවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම බස් රථ සේවයෙන් රුපියල් 290ක් වැනි මුදලකට කටුනායක සිට කොළඹ බලා පැමිණීමේ අවස්ථාව හිමිවනු ඇත.

ගුවන්තොටු‍පොළ අධිකාරිය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ රජයේ මඟ පෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය අරඹා තිබේ.

Continue Reading

පුවත්

පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද

Published

on

By

මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද (05) සිදු කෙරේ.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්ථනයක් සනිටුහන් කරමින් සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධාන්වයෙන් අද (05) පෙරවරුවේ තඹුත්තේගම මූලික රෝහල කේන්ද්‍ර කරගනිමින් දියත් කිරීම  සිදු කෙරනු ඇත.

මෙම පද්ධතිය මෙරට සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ සුවිශාල ඉදිරි පියවරක් වශයෙන් සැලකෙන අතර රට තුළ සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධාන කිරීමේ විශාල සැලැස්මක කොටසක් ද වේ.

වඩා හොඳින් සම්පත් භාවිත කිරීමටත් සංවිධානාත්මක සත්කාර ලබාදීමටත් දත්ත මත පදනම් වූ තීරණ වේගවත්ව ලබාදීමටත් ඉන් හැකියාව ලැබෙනු ඇත.

මෙහි ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීම සඳහා තඹුත්තේගම සහ දඹුල්ල අවට රෝහල් මෙන්ම සෞඛ්‍ය මධ්‍යස්ථාන 31 ක් ආවරණය වන පරිදි නියමු ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකය

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර තිබේ.

එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved