2021 වසරේ චීන සමාගමකින් ගෙන්වූ පොහොර තොගයක් ප්‍රමිතියෙන් තොර වීම නිසා රජයට ඩොලර් මිලියන 6.9ක අලාභයක් සිදුවූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ විමර්ශන නිලධාරීන් විසින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.
එවකට කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් ලෙස කටයුතු කල මහේෂ් ගම්මන්පිල මහතා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර, ඔහු අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී විමර්ශන නිලධාරීන් මේ තොරතුරු හෙළි කළහ.
හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බවද නිලධාරීන් විසින් එහිදී අනාවරණය කර තිබේ.
2021 වසරේ මෙරට කෘෂිකර්ම අමාත්‍ය ධුරය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් දරන ලද අතර කෘෂිකර්ම රාජ්‍ය ඇමති ලෙස කටයුතු කලේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ය.