පුවත්

මහ ඡන්දෙට ආරක්ෂක නිලධාරීන් 90,000ක්

Published

on

මෙවර මහ මැතිවරණයේ ආරක්ෂාව සඳහා සෘජුව හා වක්‍ර වශයෙන් ආරක්ෂක නිලධාරීන් 90,000 ක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, මෙම පිරිසට සෘජුවම යොදවන පොලිස් නිලධාරීන් 63,145 ක්,විශේෂ කාර්ය බලකා නිලධාරීන් 3200 ක්, අවශ්‍යතාව අනුව පොලිස් නිලධාරීන් ඉවත් කෙරෙන ස්ථානවල ආරක්ෂාව සඳහා යොදන යුධහමුදා ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරින් 11,000 ක් සහ ජංගම මුර සංචාර සඳහා යොදවන සිවිල් ආරක්ෂක නිලධාරීන් 12,227ක් ඇතුළත් වන බවය.

එමෙන්ම, ජංගම මුර සංචාර 3109ක් හා මැතිවරණයෙන් පසු ආරක්ෂාව සඳහා දිවයින පුරා මාර්ග බාධක 269ක් හා කැරලි මර්දන කණ්ඩායම් 241ක් යෙදවීමටද සූදානම් කර ඇතැයිද ඔහු කියා සිටියේය.

Trending

Exit mobile version