පුවත්

මහ බැංකුවේ පඩි සමාලෝචනයට ජනාධිපතිගෙන් ස්වාධීන කමිටුවක්

Published

on

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ස්වාධීන වේතන කමිටුවක් පත් කර තිබේ.

ඒ, රාජ්‍ය මුදල් පිළිබඳ කමිටු වාර්තාවේ (CoPF) නිර්දේශ මත පදනම්ව මහ බැංකුවේ වැටුප් වැඩිවීම සමාලෝචනය කිරීම සඳහයි.

මෙම කමිටුවේ සමාජිකයන් ලෙස දිනේෂ් ස්ටීවන් වීරකොඩි මහතා, අර්ජුන හේරත් මහතා, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා, සුධර්මා කරුණාරත්න මහත්මිය, ඇන්තනි නිහාල් ෆොන්සේකා මහතා, අනුෂ්ක එස්. විජේසිංහ මහතා සහ දුමින්ද හුලංගමුව මහතා පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

සබැඳි පුවත් :

මහ බැංකුවේ පඩි වැඩි කිරීම කල් දාන්නැයි CoPF කියයි – Sri Lanka Mirror – Right to Know. Power to Change

Trending

Exit mobile version