පුවත්

මහ බැංකුව CoPF නිර්දේශ වලට එකඟ වෙයි!

Published

on

මහ බැංකුවේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා (CoPF) වාර්තාවෙන් ඉදිරිපත් කළ සියලු නිර්දේශ පිළිගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව එම කාරක සභාවට අද (21) දැනුම් දී ඇතැයි එහි සභාපති පර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

වැටුප් සමාලෝචනය කිරීමට කාරක සභාව නිර්දේශ කළ කමිටුව ජනාධිපතිවරයා විසින්  ළඟදීම පත් කරනු ඇති බවත්, එතෙක් මහ බැංකුවේ වැටුප් වැඩිවීම ලබන මාසයේ සිට කල් දැමෙන බව බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

ඉක්මන් විසඳුමක අරමුණෙන් එම කමිටු වාර්තාව ලබාදීමට සති 4ක කාලයක් සඳහා එකඟ වූ බවත්, මහ බැංකු පනත සංශෝධනය කිරීමකින් තොරව එකඟතාවයකට පැමිණීමට හැකි වීම සම්බන්ධයෙන් සතුටු වන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.

සබැඳි පුවත් :

මහ බැංකුවේ පඩි වැඩි කිරීම කල් දාන්නැයි CoPF කියයි

Trending

Exit mobile version