පුවත්

මහ මැතිවරණයට නාමයෝජනා ගැනීම අද සිට

Published

on

මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අදින් (04) ආරම්භ වන බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේය.

 ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවද ඔහු කීය.

ලබන 11 වැනිදා මධ්‍යහන 12 දක්වා නාම යෝජනා භාරදිය හැකි බව ඔහු ප්‍රකාශ කළේ ය.

මහ මැතිවරණය ආශ්‍රිතව මෙතෙක් කිසිදු සිද්ධියක් වාර්තා නොවන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

නාම යෝජනා භාරදීමේ පරිශ්‍රය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ය.

2024 මහ  මැතිවරණය නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිතය. 

Trending

Exit mobile version