පුවත්

මළකඩ කෑ එන්ජින් ඔයිල් බැරල්වල දමා පොල්තෙල් ඇද්ද දෙන්නෙක් මාට්ටු

Published

on

ලිහිසි තෙල් හා විෂ රසායනික ද්‍රව්‍ය බහාලන බැරල් සහ මළකඩ කෑ බැරල්වල දමා පොල්තෙල් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු හාලිඇල නගරයේදී රු. 4,25,000ක් වටිනා පොල්තෙල් තොගයක් සමඟ හාලිඇල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇල්ලබඩගම පන්නල යන ලිපිනයේ පදිංචි වයස අවුරුදු 21 ක් හා 28 ක් වන පුද්ගලයින් දෙදෙනෙකු, පොල්තෙල් කිලෝග්‍රෑම් 570 ක් සහ අදාළ ලොරි රථයද සමඟ මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

මෙම පොල්තෙල් හාලිඇල හා අවට නගරවල වෙළඳසැල් වලට තොග වශයෙන් බෙදා දීම සඳහා රැගෙනවිත් ඇත.

කිසියම් ආහාරමය නොවන කටයුත්තක් සඳහා යොදාගත් බඳුන්, ආහාර බහාලීම සඳහා යොදාගැනීම බරපතල වරදක් වන අතර විශේෂයෙන් ලිහිසිතෙල් හා විෂ රසායනික ද්‍රව්‍ය බහාලන බැරල් මෙන්ම මළකඩ කෑ බැරල්වල බහාලූ පොල්තෙල් වැනි ආහාරමය ද්‍රව්‍ය පරිහරණය නිසා විෂවීම්, අසාත්මිකතා ඇතුළු විවිධ සෞඛ්‍යමය ගැටළු ඇතිවිය හැකි බව අදාළ නිලධාරීහු අනතුරු අඟවයි.

Trending

Exit mobile version