පුවත්

“මාධ්‍යට නොකියා පාතාලය දැවැන්ත මර්දනයකට ලක් කරමින් ඉන්නේ”

Published

on

පාතාල කණ්ඩායම් එකිනෙකා ඝාතන කරගැනීමට හේතුව රජය මාධ්‍යට නොකියා දැවැන්ත පාතාල මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින නිසා බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඊයේ (13)  කෝට්ටේ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

“අපි මේ වෙනකොට යුක්තිය මෙහෙයුම කියලා ඇඩ්වටීස්මන්ට් දැම්මෙ නැතිවුණාට පාතාලය දැවැන්ත මර්දනයකට ලක්කරමින් තිබෙනවා.

මොකද පාතාලයට අත නොතබනවා නම් අපිට රජය වෙනමත් පාතාලය වෙනමත් ක්‍රියාත්මක කරගන්න තිබ්බා. නමුත් මේ වෙලාවෙ පාතාලයේ කුඩු මෙහෙයුමට රජය දැවැන්ත මැදිහත් වීමක් කරන නිසා තමයි පාතාලය අතර ඝාතන සිද්ධ වෙන්නෙ.

ඒ කියන්නෙ ඒ අය බයයි තමන්ගෙ කවුරුහරි හම්බවුණොත් ඒ දැල සම්පූර්ණයෙන් විවෘත වෙනවා. ඒ නිසා ඔවුන් ඔවුන් අතර තියෙන මේ ගැටුමට පාදක වෙලා තියෙන්නෙ අපි මාධ්‍යට නොකියා දැවැන්ත මෙහෙයුමක් සිද්ධ කරන නිසා”

Trending

Exit mobile version