Connect with us

පුවත්

මානසික ආබාධිත දරුවාට පහරදුන් පොලිසියේ තුනක් අධිකරණයට

Published

on

මානසික ආබාධිත දරුවකුට අලු‍ත්ගම දර්ගා නගර මධ්‍යයේදී අමානුෂික අන්දමින් පහරදුන් බවට පැවසෙන සිදුවිමක් සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට අලු‍ත්ගම පොලිසියේ නිලධාරීන් තිදෙනකුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබේ.

ඒ මානසික ආබාධිත 17 හැවිරිදි දරුවාගේ පියා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙලෙස නියෝග කර තිබුණි.

ඒ අනුව ලබන වසරේ (2025) ජනවාරි 16 වැනිදා අධිකරණයට ඉදිරිපත් වී නිදහසට කරුණු ඉදිරිපත් කිරීමටද අලු‍ත්ගම පොලිසියේ නිලධාරීන් තිදෙනාට නියම කරමින් නොතිසි නිකුත් කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, එස්. තුරේරාජා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.

අලු‍ත්ගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි මානසික ආබාධිත අහමඩ් වසීර් නමැති දරුවාගේ පියා වන මොහොමඩ් මවුසික් මහතා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සිද්ධිය වන අවස්ථාවේ අලු‍ත්ගම පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා, පොලිසියට අනුයුක්තව රාජකාරි කළ උපපොලිස් පරීක්ෂක රොහාන් දර්ශන, සැරයන්වරුන් වන ඩිලාන් ගුණතිලක සහ එන්.එච්. සේනාරත්න නමැත්තන් නම් කර තිබේ.

කොරෝනා ඇඳිරි නීතිය පැවති 2022 මැයි 25 වැනිදා මානසික ආබාධිත තත්වයේ පසුවන සිය 17 හැවිරිදි පුත්‍රයා පාපැදියකින් දෙවැනි වගඋත්තරකරු සිටි පොලිස් මුරපොළ ආසන්නයෙන් ගමන් කරමින් සිටියදී ඔහුට නැවතීමට කළ අණ නොතකා ගමන් කළැයි චෝදනා කරමින් ඔහුට පහර දී ඇතැයි සඳහන් කරන පෙත්සම්කාර පියා මේ සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අනුව සහකාර පොලිස් අධිකාරිවරයා හමුවේ විමර්ශනයක් පැවැත්වූ බවද පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම තත්වය හේතුවෙන් තම පුත්‍රයාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරන පෙත්සම්කාර පියා පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නැයිද සුදුසු වන්දියක් අයකර දෙන්නැයිද සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගැනීමට නියෝගයක් කරන්නැයිද ඉල්ලා තිබේ.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved