වසර 05ක ව්‍යාපෘති කාලසීමාවක් සහිතව කිලෝමීටර 100,000ක මාර්ග පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන 2020 වර්ෂයේදී ආරම්භ කලේය.
2023 වර්ෂයේ සිට අවශ්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් එම වැඩසටහන යටතේ මේ වන විට රුපියල් බිලියන 28.37ක හිඟ බිල්පත් පියවීමට ඉතිරිව පවතී.
එසේම, අත්‍යවශ්‍ය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා 2024 වර්ෂයේදී රුපියල් බිලියන 20ක් වෙන් කරනු ලැබ ඇති අතර, ඒ යටතේ කිලෝමීටර 1,000ක් ප්‍රතිසංස්කරණය කිරීම පිණිස හඳුනාගනු ලැබ තිබෙන බවයි පැවසේ.
එම වැඩසටහන් දෙක යටතේ නිරවුල් කළ යුතුව පවතින හිඟ බිල්පත් පියවීම සඳහා 2024 වර්ෂය වෙනුවෙන් අමාත්‍යාංශය වෙත වෙන්කර ඇති, එහෙත් මේ දක්වා භාවිත කර නොමැති ප්‍රතිපාදන කළමනාකරණය කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා විසින් එම යෝජනාව ඉදිරිපත් කලේය.