පුවත්

මාරාන්තික නිපා ඉන්දියාවේ පැතිර යයි

Published

on

මාරාන්තික නිපා වෛරසය ආසාදිතව සිටි කේරල ප්‍රාන්තයේ රෝගීන් දෙදෙනෙකු මියගිය බව ඉන්දීය සෞඛ්‍ය අංශ අනාවරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය අනාවරණය කර ඇත.

වෛරසය ආසාදිත බවට තහවුරු වූ තවත් කුඩා දරුවකු ඇතුළු රෝගීන් කිහිපදෙනෙකු හුදකලා කර ප්‍රතිකාර ලබාදෙන බවත් එම වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.

නිපා වෛරස් ආසාදිතයින් සමග සමීප සබඳතා පැවැත්වූ 700 කට වැඩි පිරිසක් පරීක්ෂා කර ඇති අතර ඔවුන් ආසාදිතයින් දැයි මෙතෙක් තහවුරු වී නැත.

කේරල ප්‍රාන්තයේ පාසල් කිහිපයක් ද වසා දමා ඇති අතර පොදු ප්‍රවාහන සේවා සහ කාර්යාල කටයුතු තාවකාලිකව නතර කර තිබේ.

2018 වසරේ සිට මේ දක්වා කාලය තුළ ඉන්දියාවේ කේරල ප්‍රාන්තය තුළ මාරාන්තික නිපා වෛරසය පැතිර යන 04 වන අවස්ථාව මෙයයි.

2018 වසරේ කේරල ප්‍රාන්තයේ නිපා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් 23 දෙනෙකුගෙන් 21 දෙනෙකුම මියගියහ.

Trending

Exit mobile version