පුවත්

මාලදිවයින් විදෙස් ඇමති  ශ්‍රී ලංකාවේ සංචාරයක

Published

on

 මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා අද (18 ) සිට 21 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වේ.

මෙම සංචාරය අතරතුර, මාලදිවයින් විදේශ අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය බැහැදැකීමට නියමිතය. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ ඔහුගේ දූත පිරිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ නිල ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.

මෙම සංචාරයට, විදේශ අමාත්‍ය කලීල් මහතා සමඟ මාලදිවයින් විදේශ ලේකම් ෆාතිමත් ඉනායා මහත්මියද සහභාගී වෙයි.

Trending

Exit mobile version