Connect with us

පුවත්

මාලිනී මියගියේ පහුගිය සතියේ නෙමෙයි – උදය

Published

on

හෙළ සිනමාවේ නිළි රැජිනි මාලිනී ෆොන්සේකා සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ නායකයන්ට කුහකත්වයක් ඇතිව තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පත් වූ නිසා බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කියයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පිටකෝට්ටේ සිය පක්ෂ කාර්යාලයේ ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවේදීය.

ජාතික ලැයිස්තුව හදලා තියෙන්නෙම මැතිවරණයකින් ජයග්‍රහණය කිරීමට නොහැකි නීති සම්පාදනයට සිටිය යුතු පුද්ගලයන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට බවද ඔහු සඳහන් කරයි.

“ඇය මේ රටේ කලා ක්ෂේත්‍රයේ නිළි රැජින. ඇය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගන්නේ මහින්ද රාජපක්ෂගේ පාක්ෂිකාවක් නිසා නොවේ. ඇය වේදිකා ගානේ ගොස් මහින්ද රාජපක්ෂ ජනපති කරන්න වෙහෙස මහන්සි වෙලා නැහැ. හැබැයි එතුමියට කරන ගෞරවයක් හැටියට ජාතික ලැයිස්තුවෙන් ඇය පාර්ලිමේන්තුවට පත් කළා. ඒ නිසා ලෝකයේ සම්මානයට පාත්‍ර වී ඇති නිළි රැජින මේ ආණ්ඩුව දැක්කේ මහින්ද රාජපක්ෂගේ ඇබිත්තියක් වගේ. ඒ නිසා පාර්ලිමේන්තුවේදී ඇයට අවමන් කරමින් ආණ්ඩුවේ පිරිස් කතා කරේ ඇයත් සමග තියෙන කේන්තියෙන්. ඒ ඇරියස් එක තමයි මේ ගන්නේ. ඇත්තටම ඇය මියගියේ පසුගිය සතියේ නෙවේ, පාර්ලිමේන්තුවේදී ඇයගේ චරිතය ඝාතනය කරනවා රූපවාහිනියෙන් ඇය බලා සිටි මොහොතේ. ඒ නිසා තමන් කරපු ඒ අපහාසය නිවැරදි කර ගන්න ඇයගේ දේහයට ලබා දිය යුතු ගෞරවය උපරිම ලබා දෙන්න තිබුණා. ඒත් රාජ්‍ය ගෞරව වෙනුවට රාජ්‍ය අනුග්‍රහය පමණක් දැක්වීම හරහා මේ ආණ්ඩුව ඉතිහාසයේ කිසිම දිනක යළි නිවැරදි කර ගත නොහැකි වරදක් කර තිබෙනවා.”

පුවත්

පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියෝ අපවත් වෙති

Published

on

By

ශ්‍රී ලංකාවේ ප්‍රකට ධර්ම දේශකයාණන් වහන්සේනමක් වූ පුජ්‍යපාද බණ්ඩාරවෙල අමිතානන්ද හිමි අද(29) දහවල් අපවත් වූහ.

ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

කලක සිට රෝගී තත්වයෙන් පසු වූ උන්වහන්සේ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියහ.

දෙල්ගොඩ යොවුන් සිතට දහම් සිසිල මධ්‍යස්ථානය නිර්මාණය කල උන්වහන්සේ මෙරට තරුණ ප්‍රජාව ආගමානුකුල මාර්ගයට යොමුකිරිම සඳහා මහත් පරිශ්‍රමයක් දැරීය.

රූපවාහිනී නාලිකාවල සේම, ගුවන්විදුලියේ ද ජනප්‍රිය සහ දක්ෂ ධර්ම කථිකයෙකු වූ උන්වහන්සේ ඇසුරෙහි හැදී වැඩුණු භික්ෂු පරපුර ද අතිමහත්ය.

Continue Reading

පුවත්

ලංකාවේ නියෝජිත පිරිස වොෂින්ටනයේ සාකච්ඡාවක

Published

on

By

ශ්‍රී ලංකා නියෝජිත පිරිස වොෂින්ටන් ඩීසී හි එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සමඟ එක්සත් ජනපදය විසින් පනවන ලද තීරුබදු සම්බන්ධයෙන් වන සාකච්ඡාවල දෙවන වටයේ සාකච්ඡා සඳහා සහභාගි වී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, තීරුබදුවලට අදාළ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින්, වොෂින්ටන් ඩී.සී.හි පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිස මෙලෙස එක්වුණි.

දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම සඳහා වූ අඛණ්ඩ උත්සාහය අරමුණු කරගත් දෙවන පුද්ගල මට්ටමේ රැස්වීම මෙය වේ.

Continue Reading

පුවත්

ලබන අයවැයට යෝජනා ගැනීම අරඹයි

Published

on

By

2026 අයවැය සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් අතර සාකච්ඡාවක් අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ඉදිරි අයවැය සැකසීමේදී දිස්ත්‍රික් මට්ටමින් ජනතාවගේ මූලික සහ කඩිනම් අවශ්‍යතා සපුරාලීමට ප්‍රමුඛත්වය ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර යටිතල පහසුකම් සංවර්ධනය සහ ජනතාවගේ වෙනත් කඩිනම් සංවර්ධන අවශ්‍යතා හඳුනා ගනිමින් එම ව්‍යාපෘති ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඊ. ඒ. රත්නසීල, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් එම්. අනෝමා නන්දනී යන මහත්ම මහත්මීන් ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved