හෙළ සිනමාවේ නිළි රැජිනි මාලිනී ෆොන්සේකා සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ නායකයන්ට කුහකත්වයක් ඇතිව තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පත් වූ නිසා බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කියයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ පිටකෝට්ටේ සිය පක්ෂ කාර්යාලයේ ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවේදීය.
ජාතික ලැයිස්තුව හදලා තියෙන්නෙම මැතිවරණයකින් ජයග්‍රහණය කිරීමට නොහැකි නීති සම්පාදනයට සිටිය යුතු පුද්ගලයන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට බවද ඔහු සඳහන් කරයි.
“ඇය මේ රටේ කලා ක්ෂේත්‍රයේ නිළි රැජින. ඇය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගන්නේ මහින්ද රාජපක්ෂගේ පාක්ෂිකාවක් නිසා නොවේ. ඇය වේදිකා ගානේ ගොස් මහින්ද රාජපක්ෂ ජනපති කරන්න වෙහෙස මහන්සි වෙලා නැහැ. හැබැයි එතුමියට කරන ගෞරවයක් හැටියට ජාතික ලැයිස්තුවෙන් ඇය පාර්ලිමේන්තුවට පත් කළා. ඒ නිසා ලෝකයේ සම්මානයට පාත්‍ර වී ඇති නිළි රැජින මේ ආණ්ඩුව දැක්කේ මහින්ද රාජපක්ෂගේ ඇබිත්තියක් වගේ. ඒ නිසා පාර්ලිමේන්තුවේදී ඇයට අවමන් කරමින් ආණ්ඩුවේ පිරිස් කතා කරේ ඇයත් සමග තියෙන කේන්තියෙන්. ඒ ඇරියස් එක තමයි මේ ගන්නේ. ඇත්තටම ඇය මියගියේ පසුගිය සතියේ නෙවේ, පාර්ලිමේන්තුවේදී ඇයගේ චරිතය ඝාතනය කරනවා රූපවාහිනියෙන් ඇය බලා සිටි මොහොතේ. ඒ නිසා තමන් කරපු ඒ අපහාසය නිවැරදි කර ගන්න ඇයගේ දේහයට ලබා දිය යුතු ගෞරවය උපරිම ලබා දෙන්න තිබුණා. ඒත් රාජ්‍ය ගෞරව වෙනුවට රාජ්‍ය අනුග්‍රහය පමණක් දැක්වීම හරහා මේ ආණ්ඩුව ඉතිහාසයේ කිසිම දිනක යළි නිවැරදි කර ගත නොහැකි වරදක් කර තිබෙනවා.”