පුවත්

මාලිමාවේ රැස්වීමකට ගිය පිරිසකට පහර දෙයි

Published

on

මොනරාගල ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමකට සහභාගී වී නැවත පැමිණෙමින් තිබූ බස් රථයකට යම් කිසි පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මොනරාගල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේදී පැවැති ජන හමුවකට එක් ව ආපසු යමින් සිටි පිරිසකට ඊයේ (13) උදෑසන  මෙම ප්‍රහාරය එල්ල වී තිබුණි.

ප්‍රහාරයෙන් සිව්දෙනෙකුට තුවාල සිදුව ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවද සඳහන්ය.

පහරදීම සම්බන්ධ සැකකරුවන් සොයා මේ වන විට පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.

Trending

Exit mobile version